Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී පැවැත්වෙන ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරගා සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ මස 4 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.
ඒ අනුව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්තානයේදී 4 වැනිදා ආරම්භ වන අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවිය 8 වැනිදා සිට එම ක්‍රීඩාංගණයේදී සිදු කෙරේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවිය ජුනි 26 වැනිදා සිට එම ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතව ඇත.
ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk වෙබ් අඩවිය ඔස්සේද අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ප්‍රේක්‍ෂකයින්ද උදාකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.
තරග පැවැත්වෙන දිනයන්හි එම ක්‍රීඩාංගණ වලදී ප්‍රවේශ පත්‍ර අලෙවි නොකරන බැවින් ඊට පෙර ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දී ඇත. අන්තර්ජාලය ඔස්සේ මිලදී ගනු ලබන ප්‍රවේශ පත්‍රද තරග පැවැත්වෙන දිනයට පෙර අදාල ස්ථානයන්ගෙන් ලබාගත යුතුව ඇත.
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා රුපියල් 300, 1500, 2500, 4000 සහ 5000 යන මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා රුපියල් 300, 2000, 4000, 5000 සහ 6500 යන මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැක. රුපිලයල් 300, 500, 1000, 5000 සහ 7500 වන මිල ගණන් යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට අවස්ථාව හිමිවේ.
විස්සයි20 තරග කාලසටහන
ජුනි 7 - පළමු විස්සයි20 තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ජුනි 8 - දෙවැනි විස්සයි20 තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ජුනි 11 - තෙවැනි විස්සයි20 තරගය, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී
එකදින තරග කාලසටහන
ජුනි 14 - පළමු එක්දින තරගය, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී
ජුනි 16 - දෙවැනි එක්දින තරගය, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී
ජුනි 19 - තෙවැනි එක්දින තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ජුනි 21 - සිව්වැනි එක්දින තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ජුනි 24 - පස්වැනි එක්දින තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ටෙස්ට් තරග කාලසටහන
ජුනි 29 සිට ජුලී 3 - පළමු ටෙස්ට් තරගය, ගාල්ල
ජුලී 8 සිට 12 දක්වා - දෙවැනි ටෙස්ට් තරගය, ගාල්ල
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.