Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානුවෝ බංග්ලාදේශය තලා දමති
සුපිරි 4 වටය

පාකිස්තානුවෝ බංග්ලාදේශය තලා දමති

editorial - 2023 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තරග ආරම්භ කරමින් ලාහෝර් නුවරදී අද (06 වැනිදා) පැවැති තරගයේදී පාකිස්තානු කණ්ඩායම විසින් බංග්ලාදේශය කඩුලු 7 කින් පරාජය කරන ලදි. පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 193 කට දැවී ගියේය. පාකිස්තානු කණ්ඩායම පන්දු 63 ක් ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කරමින්, කල්වේලා ඇතිවම 1.051 ක ශුද්ධ ලකුණු වේගයක් අත්පත් කරගත්තේය

ඉමාම් උල් හක් (78) සහ මොහොමඩ් රිස්වාන් (නොදැවී 63) අර්ධ ශතක ලබාගනිමින් පාකිස්තානු පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් බංග්ලාදේශය, පාකිස්තානු පන්දු යවන්නන් හමුවේ පළමු ඕවර 10 නිමාවීමටත් පොරතුව, ලකුණු 47 කට කඩුලු 4 ක් අහිමි කරගත්තේය. පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ බංග්ලාදේශයේ පැරණිතම සටන්කාමීන් දෙදෙනා වන සකිබ් අල් හසන් (53) සහ මුෂ්ෆිකුර් රහීම් (64) එක්ව තම කණ්ඩායම ඉදිරියට තල්ලු කළහ. එහෙත් සකිබ්ගේ දැවීයාමත් සමගින් ලකුණු 46 ක් ඇතුළත අවසන් පිතිකරුවෝා හය දෙනාම දැවී ගියහ.

මුෂ්ෆිකුර් රහීම් දැවීයාමට මත්තෙන් ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 6 කට 190 ක් ලෙසිනි. එහෙත් එතැන් සිට ලකුණු 3 ක් ඇතුළත පිතිකරුවන් සිව්දෙනු දැවී යාම හේතුවෙන් ඉනිම ලකුණු 193 දී අවසන් විය. හාරිස් රවුෆ් (19/4) සහ නසීම් ෂා (34/3) එක්ව ඕවර 11 ක් ඇතුළතදී කඩුලු 7 ක් බෙදාහදා ගත්හ.

සුපිරි 4 දෙනාගේ වටයේදී සෑම කණ්ඩායමකටම තරග 3 ක් තිබේ. වැඩිම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ඇත.

බංග්ලාදේශය සහ පාකිස්තානය අතර මේ දක්වා පැවැත්වී තිබෙන ආසියානු කුසලාන තරග 14 න් තරග 13 දීම ජයගෙන ඇත්තේ පාකිස්තානයයි.

සිම්බාබ්වේ පිලේ හිටපු නායකයකු වන හීත් ස්ටී්‍රක්ගේ අභාවය වෙනුවෙන් තරගය ආරම්භ කිරීමට පෙර දෙපිලේම ක්‍රීඩකයෝ විනාඩි දෙකක නිහඬතාවක් පළකළහ.


බංග්ලාදේශය - ඕවර 38.4 කදී සියලු දෙනා දැවී 193 යි
(මොහොමඩ් නයීම් 20, ලිටන් දාස් 16, සකිබ් අල් හසන් 53, මුෂ්ෆිකුර් රහීම් 64, ශමීම් හොසේන් 16, අෆිෆ් හොසේන් 12, නීසීම් ෂා 34/3, හාරිස් රවුෆ් 19/4)

පකිස්තානය - ඕවර 39.3 කදී කඩුලු 3 ට 194 යි
(ෆකර් සමාන් 20, ඉමාම් උල් හක් 78, බාබර් අසාම් 17, මොහොමඩ් රිස්වාන් නොදැවී 63, අඝා සල්මාන් නොදැවී 12)

 

ශහීන් ෂා අෆ්රීඩි...

 

මොහොමඩ් නයිම්...

 

හාරිස් රවුෆ්...

 

මුෂ්ෆිකූර් රහීම්...

 

 

ඉමාම් උල් හක්...

 

මොහොමඩ් රිස්වාන්...

 

ෆාකර් සාමන්...

- 213


අදහස් (0)

පාකිස්තානුවෝ බංග්ලාදේශය තලා දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.