Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානු සම්බාහකට කොරෝනා

පාකිස්තානු සම්බාහකට කොරෝනා

editorial - 2022 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු කණ්ඩායමේ සම්බාහන නිලධාරී මලංග් අලිට කොරෝනා වැළඳී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහුට දින පහක් හුදකලා වීමට සිදුවේ. පස්වැනි දිනයේදී ඔහුගේ ශරීරය තුල කොරෝනා වයිරසය නොමැති බව තහවුරු උවහොත් ප්‍රතිදේහජනක පරීක්ෂණයකට යටත්ව ඔහුට කණ්ඩායමට එක්වීමට හැකි වනු ඇත.

පසුගිය කාලයේදී පාකිස්තානු කණ්ඩායම ඔවුන්ගේ විදේශ සංචාර වලදී සම්බාහන නිලධාරියකු රැගෙන යාමක් සිදු නොවුණි. මේ මස 16 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී මලංග්ට සුවය ලැබීමට නොහැකි වුවහොත්, තාවකාලික වැඩපිළිවෙලක් යටතේ ශ්‍රී ලංකාවෙන් සම්බාහන නිලධාරියකු බඳවා ගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වයට සිදුවනු ඇත.

ගාල්ලේ සහ කොළඹදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලියක් සඳහා පාකිස්තානු කණ්ඩායම ඊයේ (6 වැනිදා) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකු සහ 13 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. ඊට එක් සම්බාහන නිලධාරියකුද ඇතුළත් වේ.

පාකිස්තානු කණ්ඩායම හෙට (8 වැනිදා) සිට කොළඹදී පුහුණුවීම්වල නිරත වන අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට පෙර 11 වැනිදා සිට 13 වැනිදා දක්වා කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී තුන්දින පුහුණු තරගයකට එක්වීමට නියමිතය. ඊට සහභාගී කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ප්‍රකාශවී නැත.

පළමු ටෙස්ට් තරගය ජුලී 16 සිට 20 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීත්, දෙවැනි ටෙස්ට් තරගය ජූලි 24 සිට 28 දක්වා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.

- 2079


අදහස් (0)

පාකිස්තානු සම්බාහකට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.