Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වර්ගවාදී වාග් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් පාකිස්තාන නායක සර්ෆ්‍රාස් අහ්මඞ්ට තරග 4 ක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ.
පාකිස්තාන නායක සර්ෆ්‍රාස් අහ්මඞ් ඒයි කල්ලා.....යයි ඇන්ඩිල් පෙලුක්වායෝ අමතමින් ඔහුගේ මවට අපහාස වන අයුරින් උර්දු භාෂාවෙන් කිසිවක් කියා තිබේ. එහෙත් පාකිස්තානු නායකයා කී දේ කඩුල්ලේ මයික්‍රෆෝනයෙන් ග්‍රහණය කරගනු ලැබ ඇත.
දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පැවැති දෙවැනි එක්දින තරගයේදී මෙය සිදුවිය. එහිදී ඇන්ඩිල් පෙලුක්වායෝ අර්ධ ශතකයක් (නොදැවී 69) ලබාගනිමින් රාසී වැන්ඩර්සන් (නොදැවී 80) සමගින් එක්ව හයවැනි කඩුල්ල සඳහා ලකුණු 127 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.
“මෙවැනි හැසිරීම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව කිසිම ආකාරයකින් සහනයක් දෙන්නේ නෑ“ යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතා සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ට්විටර් පණිවුඩයක් යවමින් පාකිස්තාන නායකයා පසුව සිය කණගාටුව ප්‍රකාශ කර තිබුණි.
“මා විසින් පවසන ලද දේ හේතුවෙන් යම්කිසිවකුට හිත් රිදීමක් සිදුවූවානම් ඒ සම්බන්ධයෙන් ඍජුවම සමාව ඉල්ලා සිටිනවා... කිසිවකු එල්ල කරමින් මා එහෙම කිව්වේ නෑ. කිසිවකු අපහසුතාවට පත්කිරීමට මා සිතුවේත් නෑ” යයි සර්ෆ්‍රාස් සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර ඇත.
සර්ෆ්‍රාස් අහ්මඞ්ගෙන් හිස්වූ නායකත්වය සඳහා ශොයිබ් මලික් පත්කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.