Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානයට ලකුණු 248 ක ජයක්

පාකිස්තානයට ලකුණු 248 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පාකිස්තානය සහ නවසීලන්තය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ලකුණු 248 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට පාකිස්තානය සමත්විය. දක්ෂ පන්දු යැවීමක නිරවෙමින් නවසීලන්ත ඉනිම් දෙකේදීම ලකුණු 70 කට කඩුලූ 6 ක් දවාගත් පාකිස්තාන වේගපන්දු යවන කී‍්‍රඩක රාහට් අලී තරගයේ වීරයා බවට පත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 480 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිලට දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 231 ක් පමණි.

එහිදී යසර් ශා, නවසීලන්ත පිලේ කඩුලූ 3 බිඳහෙළීමට සමත්වූ අතර රාහට් අලී, ඉම්රාන් ඛාන් සහ සුල්ෆිකර් බාබර් කඩුලූ 2 බැගින් දවාගත්හ.

ලකුණු 304 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ පාකිස්තාන පිල, ඊයේ දිනයේදී කඩුලූ 2 කට ලකුණු 175 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා නවසීලන්ත පිලට පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියේය.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිලට සියලූ දෙනා දැවී රැුස්කරගත හැකිවූයේ ලකුණු 262 ක් පමණි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 566 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා නවසීලන්ත පිලට පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියේය.

පාකිස්තාන පළමු ඉනිම - කඩුලූ 3 ක් දැවී 566
(මොහොමඞ් හෆීස් 96, අහමඞ් ශෙහෙසාද් 176, අසාර් අලී 87, යුනිස් ඛාන් නොදැවී 100, මිස්බා උල් හක් නොදැවී 102, කෝරි ඇන්ඩර්සන් 68/2)

වසීලන්ත පළමු ඉනිම - සියලූ දෙනා දැවී 262
(ටොම් ලේතම් 103, බ්‍රෙන්ඩන් මැකලම් 18, කෝරි ඇන්ඩර්සන් 48, බෙන් වෙට්ලින් 42, ඉෂ් සෝධි 25, රාහට් අලි 24/4, ශුල්ෆිකර් බාබර් 79/3)

පාකිස්තාන දෙවැනි ඉනිම - කඩුලූ 2 ක් දැවී 175
(මොහොමඞ් හෆීස් නොදැවී 101, අසාර් අලී 23, යුනිස් ඛාන් 28, ඉෂ් සෝධි 66/2)

නවසීලන්ත දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 231
(ටොම් ලේතම් 20, බ්‍රෙන්ඩන් මැකලම් 39, කේන් විලියම්සන් 23, කෝරි ඇන්ඩසන් 23, මාර්ක් කේ‍්‍රග් 28, ඉෂ් සෝධි 63, ටෙ‍්‍රන්ට් බෝල්ට් නොදැවී 19, ඉම්රාන් ඛාන් 37/2, රාහට් අලී 48/2, ශුල්ෆිකර් බාබර් 48/2, යසර් ශා 74/3)

036


අදහස් (1)

පාකිස්තානයට ලකුණු 248 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.