Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 තරගාවලියේ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති තරගයකදී නුගේගොඩ පිලට එරෙහිව ලකුණු 25 ක ජයක් හිමිකර ගැනීමට පානදුර පිල සමත්විය.
උදෑසන ඇති වූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමාවූ අතර එක් ඉනිමක් ඕවර 11 කට සීමාවිය.
ජයග්‍රහණය සඳහා ඕවර 11 කදී ලකුණු 91 ක ඉලක්කයක් හඹාගිය නුගේගොඩ පිලට නියමිත ඕවර සංඛ්‍යාව අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 65 ක් පමණි.
රනිත ලියනාරච්චි පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහරක් බැගින් එල්ල කරමින් ලකුණු 22 ක් ලබාගත්තද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹයන් හමුවේ නුගේගොඩ පිලට පරාජය හිමිවිය.
පන්දුවෙන් දස්කම් දැක්වූ රොෂාන් විජේනායක ලකුණු 09 කට කඩුලු 3 ක් සහ තරිඳු කෞෂාල් ලකුණු 11 කට කඩුලු 2 ක් දවාගනිමින් පානදුර පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
කාසියේ වාසිය දිනාගත් නුගේගොඩ පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පානදුර පිල ඕවර 11 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 90 ක් ලබාගැනීමට සමත්විය.
ලක්ෂාන් රොද්‍රිගූ පන්දු 20 කදි හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 29 ක් ලබාගැනීමට සමත්විය.
සහන් නානායක්කාර සහ චමින්ද බණ්ඩාර කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
තවත් තරග 5 ක් අද පැවැත්වීමට නියමිතව තිබුනද, වර්ෂාව හේතුවෙන් එම තරග 5 ම අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළහ.
ඒ අනුව උදෑසන පැවැත්වීමට නියමිතව තිබූ කළුතර නාගරික සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර තරගයත්, මීගමුව සහ ද්‍රවිඩ සංගමය අතර තරගයත්, හවස් වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පොලිස් සහ සෙබස්තිනයිට් කණ්ඩායම් අතර තරගයත්, බී.ආර්.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර තරගයත්, එන්.සී.සී සහ රාගම කණ්ඩායම් අතර තරගයත් අද දිනයේදී අතහැර දැමූ තරග වේ.
පානදුර - ඕවර 11 කදී කඩුලු 8 ක් දැවී 90
(ලක්ෂාන් රොද්‍රිගූ 29, සහන් නානායක්කාර 11/2, චමින්ද බණ්ඩාර 20/2)
නුගේගොඩ - ඕවර 11 කදී කඩුලු 8 ක් දැවී 65
(රනිත ලියනාරච්චි 22, රොෂාන් විජේනායක 09/3, තරිඳු කෞෂාල් 11/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.