Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාසල් කණ්ඩායම් 74ක් පළමු කොටසේ තරග බිමට
17න් පහළ පාසල් ක්‍රිකට්

පාසල් කණ්ඩායම් 74ක් පළමු කොටසේ තරග බිමට

editorial - 2024 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සොයා කණ්ඩායම් 74 ක් පිටියට බැස සිටිති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේදී මෙම පාසල් 74, කාණ්ඩ 12ක් යටතේ තරග වදිති.

පළමු වටය ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර, පළමු වටයේදී දස්කම් දක්වන කණ්ඩායම් 32ක් පිළිමළුන් පිටුදැකීමේ පදනම මත පැවැත්වෙන අවසන් වටයට සුදුසුකම් ලබනු ඇත. 

පසුගිය වසරේ තරගාවලියේදී කඳාන දි මැසිනෝද් විද්‍යාලය  ශූරතාව දිනාගත් අතර මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට අනුශූරතාව හිමිවිය. පසුගිය වර දෙවැනි කොටසේ ශූරයින් වූ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ දෙවැනි කොටසේ අනු ශූරයින් වූ ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය මේ වසරේ සිට පළමු කොටස දක්වා උසස්වීම් ලබා සිටිති. 

මෙවර තරගාවලියේ පළමු වටයේ තරග ජුනි 4 වැනි දින හෝ ඊට ප්‍රථම ආරම්භ කළ යුතුය. ජූලි 5 වැනිදා පළමු වටයේ තරග නිමාවීමට නියමිතය. පළමු වටයේදී එක් පිලකට තරග 5ක් හිමිවේ.

ඒ කාණ්ඩය -
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය,  කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය

බී කාණ්ඩය - 
බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, කෝට්ටේ ජනාධිපති විද්‍යාලය, මොරටු විද්‍යාලය, මෝදර ද ලා සාල් විද්‍යාලය, වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය

සී කාණ්ඩය - 
කොළඹ ඉසිපතන විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, පානදුර මහානාම විද්‍යාලය, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

ඩී කාණ්ඩය - 
කොළඹ මහානාම විද්‍යාලය, කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය, කොළඹ අසෝක විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය.

ඊ කාණ්ඩය - 
කඳාන ද මැසිනෝද් විද්‍යාලය, වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලය, හේනේගම මධ්‍ය මහා විද්‍යාලය, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය 

එෆ් කාණ්ඩය - 
වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය, ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය, ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය, කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ මීගමුව ශාන්ත පීතර විද්‍යාලය 

ජී කාණ්ඩය -
මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, කළුතර විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහ බලපිටිය රේවත විද්‍යාලය

එච් කාණ්ඩය -
මාතර රාහුල විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලය, මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය

ජේ කාණ්ඩය -
කළුතර සිරිකුරුස විද්‍යාලය, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය

කේ කාණ්ඩය 
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය, කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය, යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය

එල් කාණ්ඩය - 
සඳලංකා මධ්‍ය මහා විද්‍යාලය, ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, මාරවිල ශාන්ත සේවියර් විද්‍යාලය, හලාවත ශාන්ත මරියා විද්‍යාලය සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය.

එම් කාණ්ඩය - 
කුරුණෑගල මලියදේව විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය, මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය


අදහස් (0)

පාසල් කණ්ඩායම් 74ක් පළමු කොටසේ තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.