Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පා දග පන්දු යවන මාලින්ද බංකුවේ තබා ගෙදර යවයි

පා දග පන්දු යවන මාලින්ද බංකුවේ තබා ගෙදර යවයි

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දී කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව මේ මස 25 වැනිදා මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත තෙවැනි සිවුදින තරගයට නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ‍්‍රී ලංකා ‘ඒ’ සංචිතයෙන් පා දග පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර ඉවත්කර තිබේ.

මාලින්ද උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි තරගයේදී අතිරේක ක‍්‍රීඩකයකු ලෙස කටයුතු කළ අතර තෙවැනි තරගයේ සංචිතයට ඇතුළත් නොවීමෙන් ක‍්‍රීඩා නොකර ගෙදර යෑමට ඔහු සිදුව තිබේ.

මාලින්ද මේ වන විට ශ‍්‍රී ලංකාවේ සිටින පා දග පන්දු යවන්නන් අතරින් පෙරමුණේ සිටින ක‍්‍රීඩකයකි. ඔහුට කාලයක සිට ‘ඒ’ කණ්ඩායමේ ස්ථානය අහිමි වන තත්ත්වයක් දැකගත හැකි විය. 27 හැවිරිදි මාලින්ද පළමු පෙළ තරග 68 කදී කඩුලූ 351 ක් දවාගෙන තිබේ.

මෙම සංචිතයට පා දග පන්දු යවන්නා ලෙස කැදවා සිටින තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන එක්දින 5 කට ක‍්‍රීඩා කර ඇති චතුරංග ද සිල්වා පළමු පෙළ තරග 39 කදී කඩුලූ 46 ක් පමණක් දවාගෙන තිබේ.

මෙම සංචිතයට ප‍්‍රවේකාරි යොවුන් පිතිකරු කුසල් පෙරේරා කැදවා තිබේ. පළමු සිවුදින තරගයට ක‍්‍රීඩා කළ ටෙස්ට් ක‍්‍රීඩකයන් වන ළහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල් නැවතත් තෙවැනි තරගයට කැදවා සිටිති.   

ශ‍්‍ර‍්‍රී ලංකා ‘ඒ’ සංචිතය:
උපුල් තරංග, කුසල් පෙරේරා, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, අෂාන් ප‍්‍රියංජන්, කිත්රුවන් විතානගේ, නිරෝෂන් දික්වැල්ල, චතුරංග ද සිල්වා, තරි`දු කෞෂාල්, නුවන් ප‍්‍රදීප්, කසුන් මධුසංඛ, නිසල තාරක, විශ්ව ප‍්‍රනාන්දු, මාධව වර්ණපුර සහ ලක්‍ෂාන් රංගික


අදහස් (0)

පා දග පන්දු යවන මාලින්ද බංකුවේ තබා ගෙදර යවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.