Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලිග් තරගාවලියේ ඉතිරි තරග සඳහා ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නොයන බවට වාර්තා පළවී ඇත. ඒ සමගින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීමේදී තවත් අර්බුද රැසකට මුහුණදීමට සිදුවනු ඇත.
කමින්ස් දැනටමත් අයි.පී.එල් හි ඉතිරි තරඟ සඳහා සහභාගී නොවන බව සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත වාර්තා කර තිබුණි. කෙසේ වෙතත්, ඔහුගේ එම තීරණයට කිසිදු හේතුවක් ඉදිරිපත් කර නැත.
”පවුලේ විවිධ හේතුන් නිසා ඩේවිඩ් වෝනර් සහ පැට් කමින්ස්ට බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් විවේක ගැනීමට හැකිය. වසරකට ආසන්න කාළයක් විවිධ සෞඛ්‍ය ආරක්ෂණ බුබුලුවල රැඳී සිටීම හේතුවෙන් අනෙක් අයටද විවේක ගැනීමට අවස්ථාන තිබේ. ඩොලර් මිලියන ගණනක අයි.පී.එල් ගිවිසුමක් තිබියදීත් තමා නැවත විස්සයි20 තරගාවලියට මෙම වසරේදී නොපැමිණෙන බව කමින්ස් පවසා ඇත.
වැඩිම මුදලක් ගණුදෙනු වෙන අයි.පී.එල් 14 වන තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් 15 සිට ඔක්තෝබර් 15 දක්වා කාළය තුල දින 25 කදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අවසන් කිරීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් බලාපොරොත්තුවෙන් සිටිති.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.