Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) ආරම්භ වූ තරගය, පළමු දිනය සඳහා නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි කොළඹ කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණ 296 ක් ලබා සිටියේය.
පළමු දිනය අවසානයේ පැතුම් කුමාර හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 67 ක්ද, ලක්ෂිත මනසිංහ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 46 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව කොළඹ කණ්ඩායමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 109 කි.
කොළඹ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිපුන් ධනංජය හතරේ පහර 5 ක් සමග ලකුණු 56 ක් රැස්කළේය. ක්‍රිෂාන් සංජුල (31) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක් එක්කළ ධනංජය, ඉන් නොනැවතී නුවනිඳු ප්‍රනාන්දු (46) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන්ද ලකුණු 64 ක් එක් කළේය.
කොළඹ පළමු ඉනිම - කඩුලු 6 කට 296
(ක්‍රිෂාන් සංජුල 31, නිපුන් ධනංජය 56, නුවනිඳු ප්‍රනාන්දු 46, හිමාෂ ලියනගේ 20, පැතුම් කුමාර නොදැවී 67, ලක්ෂිත මනසිංහ නොදැවී 46, නිම්සර අතරගල්ල 54/2, සිතුම් දිසානායක 61/2, වනුජ සහන් 72/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.