Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්රිකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ නාලන්දා විදුහලට එරෙහිව ලකුණු 95 ක ජයක් අත්කර ගනිමින් ශාන්ත පීතර විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
එහිදී ළහිරු චේතක (58) ශාන්ත පීතර විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම දනල් හේමනන්ද ලකුණු 15 කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත පීතර විදුහල - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 174
(ළහිරු චේතක 58, තිලෝක ද සිල්වා 31, දිනෙත් සමරවීර 34/3, සජිත් සංදීප 22/2, අෂේන් වීරපුර 18/2)
නාලන්දා විදුහල - ඕවර 32 කදී සියලු දෙනා දැවී 79
(රංසික මනිකල්ප 33, දනල් හේමනන්ද 15/4, වනුජ සහන් 30/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.