Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පීතරයෝ ලකුණු 123 ක් ඉදිරියෙන්
ශාන්තුවරයන්ගේ සටන

පීතරයෝ ලකුණු 123 ක් ඉදිරියෙන්

editorial - 2022 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත ‍පීතර විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 88 වැනි ‘ශාන්තුවරයන්ගේ සටන’ මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත ‍පීතර විදුහල කඩුලු 2 ක් දැවී ලකුණු 35 ක් ලබා සිටියේය.

ඒ අනුව ශාන්ත පීතරයෝ තවත් කඩුලු 8 ක් අතැතිව ශාන්ත ජෝෂප් විදුහලට වඩා ලකුණු 123 ක් ඉදිරියෙන් සිටිති. ශාන්ත පීතර දෙවැනි ඉනිමේ බිඳවැටුණ කඩුලු දෙක ළහිරු අමරසේකර සහ දුනිත් වෙල්ලාලගේ අ‍තරේ බෙදී ගියේය. ආරම්භක පිතිකරු වි‍ෂේන් හැළඹගේ පන්දු 21 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 22 ක් රැස්කළේය.

වනුජ සහන්ගේ සහ ෂැනන්‍ රොද්‍රිගූගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශාන්ත ජෝෂප් විදුහලේ පළමු ඉනිම ලකුණු 163 කට සීමා වූ අතර එහිදී සහන් ලකුණු 63 කට කඩුලු 4 ක්ද, ෂැනන් ලකුණු 26 කට කඩුලු 3 ක්ද දවාගත්හ. ශාන්ත ජෝෂප් විදුහලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ෂෙවෝන් ඩැනියෙල් පන්දු 93 කදී ලකුණු 71 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි.

දුනිත් වෙල්ලාලගේ (36) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩැනියෙල් සමත් විය. පන්දු 26 කදී වාර්තා වූ වෙල්ලාලගේගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ‍පීතර විදුහල ඕවර 60 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 251 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය ඉනිම අත්හිටුවමින් ශාන්ත ජෝෂප් විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී ෂෙනාල් බොතේජු (81) සහ දනාල් හේමචන්ද්‍ර (නොදැවී 55) ශාන්ත පීතර විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

පන්දු 136 කට මුහුණදුන් ෂෙනාල් හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 58 කදී වාර්තා වූ දනා‍ල්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. නිමුතු ගුණවර්ධන පන්දු 64 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 36 ක්ද, ශන්ෂේ ගුණතිලක පන්දු 46 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 47 ක්ද රැස්කරමින් සිය කණ්ඩයමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

ශාන්ත පීතර ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දනාල් සහ ශනේෂ් සමත් වූහ. එහිදී ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ෂෙවෝන් ඩැනියෙල් ලකුණු 67 කට කඩුලු 3 ක්ද, ‍දුනිත් වෙල්ලාලගේ ලකුණු 92 කට කඩුලු 3 ක්ද දවාගත්හ.

ශාන්ත පීතර පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 8 ක් දැවී 251

(ෂෙනාල් බොතේජු 81, දනාල් හේමචන්ද්‍ර නොදැවී 55, ශන්ෂේ ගුණතිලක 47, නිමුතු ගුණවර්ධන 36, ෂෙවෝන් ඩැනියෙල් 67/3, දුනිත් වෙල්ලාලගේ 92/3)

ශාන්ත ‍ජෝෂප් පළමු ඉනිම - ඕවර 45.1 කදී සියලු දෙනා දැවී 163

(ෂෙවොන් ඩැනියෙල් 71, දුනිත් වෙල්ලාලගේ 36, වනුජ සහන් 63/4, ‍ෂැනන් රොද්‍ර‍ගු 26/3)

ශාන්ත පීතර දෙවැනි ඉනිම - ඕවර 12 කදී කඩුලු 2 ක් දැවී 35

(විෂේන් හැළඹගේ 22)


අදහස් (0)

පීතරයෝ ලකුණු 123 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.