Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘කොරෝනා’ වයිරස් අවදානම හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ට සහන සැළසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාසල් ක්‍රිකට් සංගමයට ලබාදී ඇති ලක්‍ෂ 45 ක මුදල සම්පූර්ණයෙන්ම පුහුණුකරුවන්ට නොලැබෙන තත්ත්වයක් නිර්මාණය කර ඇති බව පුහුණුකරුවෝ චෝදනා කරති.
පුහුණුකරුවන් කප්පාදු කරමින් මෙම මුදලින් කොටසක් ඉතිරි කරගැනීමට පාසල් ක්‍රිකට් නිලධාරීන් උත්සාහ කරන බවටද පුහුණුකරුවෝ වැඩි දුරටත් චෝදනා කරති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මුදල මීට සති තුනකට ආසන්න කාලයකට පෙර පාසල් ක්‍රිකට් සංගමයට ලබාදුන්න ද කිසිදු පුහුණුකරුවකුට මේ දක්වා එම මුදල් මේ දක්වා ලැබී නොමැති බවට පුහුණුකරුවෝ පවසති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන් 225 කට රුපියල් 20,000 බැගින් ලබාදීමට නිර්දේශ කර මෙම මුදල් පිරිනමා තිබුණ ද පාසල් ක්‍රිකට් සංගමය විවිධ හේතු දක්වමින් පුහුණුකරුවන් කප්පාදු කරන බවට චෝදනා එල්ල වේ.
කොළඹදී පසුගිය සතියේ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා පැවැති උත්සවයකදී පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් මුදල් ලබාදෙන බවට අමාත්‍යවරයාට පෙන්වීමට නිලවශයෙන් කූපනයක් ලබාදී ඇති බව ද දැනගන්නට තිබේ.
මෙම මුදල් බෙදීම පිළිබඳව ගාල්ල දිස්ත්‍රික්කයේ පුහුණුකරුවකු පැවසුවේ එම දිස්ත්‍රික්කයේ එම මුදල ලැබීමට සුදුසු යැයි තෝරාගෙන සිටින පුහුණුකරුවන් 10 දෙනාගෙන් හත් දෙනකුම පුහුණුකරු ප්‍රාථමික සුදුසුකම් පමණක් ඇති පාසල් ක්‍රිකට් සංගමයේ බලපත්‍රය නොමැති අය බවත් එක් අයකුට ප්‍රාථමික සුදුසුකම පවා නොමැති බවත්ය.
“පාසල් ක්‍රිකට් නිලධාරියා අපෙන් අහනවා කසාද බැඳලද? බිරිඳ රැකියාවක් කරනවද? කියලා. මේක දෙන්න අහපු නැති දෙයක් නෑ. අපේ ආදායම නැති වෙලානෙ තියෙන්නේ. පුහුණුකරුට වෙනත් ආදායමක් නැත්නම් පාසලෙනුත් ගෙවලා නැත්තන් අපිටත් මේ මුදල ලැබිය යුතුයි”
“මේක පුහුණුකරුවන් 225 කට දෙන්න දුන්නේ කියලා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයත් අපිට කිව්වා. ඉතින් හැකිතාක් සුදුසුකම් හොයලා පුහුණුකරුවන්ට සහන සළසන එකයි කරන්න තියෙන්නේ” යැයි එම පුහුණුකරුවා වැඩි දුරටත් පැවසීය.
මොරටුව ප්‍රදේශයේ ප්‍රධානතම පාසලක පුහුණුකරුවකු පැවසුවේ තම පාසලේ පුහුණුකරුවන් පස් දෙනකු සිටින බවත් ඔවුන් පස් දෙනාටම අවස්ථාව අහිමිකර ඇති බවයි.
“අපේ පාසලෙන් එක මාසයක වැටුපෙන් 25% ක් දීලා තියෙනවා. එක පුහුණුකරුවකුගේ වැටුප රුපියල් 20,000 යි. ඒ කියන්නෙ ඔහුට ලැබුණෙ රුපියල් 5000 යි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේක දීලා තියෙන්නේ පුහුණුකරුවන්ට දෙන්න මිසක් පාසල් ක්‍රිකට් සංගමයට ඉතිරි කරන්න නෙමෙයි” යැයි එම පුහුණුකරු වැඩි දුරටත් පැවසීය.
පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් කමල් ඉන්ද්‍රජිත් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ පුහුණුකරුන් 127 දෙනකුට මුදල් ලබන අඟහරුවාදා (හෙට) ලැබෙන බවයි.
“අපිට අයැඳුම්පත් 308 ක් ලැබුණා. ඉන් අපි 127 ක් තෝරාගත්තා. ඉතිරි අයටත් ගෙවනවා. හැබැයි 225 ට නෙමෙයි. 20,000 නෙමෙයි. ඉතිරි අය තෝරන එක ටිකක් සංකීර්ණ වැඩක් ටිකක් කල්යයි”
කොළඹ ප්‍රධාන පාසලක පුහුණුකරුවකු පැවසුවේ එම සහන මුදල මේ අවස්ථාව නොගෙවා පසුව ගෙවීම මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබාපොරොත්තු වූ සහනය නොලැබෙන බවයි.
“පුහුණුකරුවකුට මාසෙකට රුපියල් 5000 ක් ගෙවනවා නම් මාසක තුනක ඔහුගේ පාඩුව රුපියල් 15,000 ක් නේ, ඒක වෙනවා. පාසල්වලින් ගෙවීම් කරලා තියෙනවා නම් ඒ වගේ අඩු කිරීම් කරලා ගෙවන්න බලාපොරොත්තු වෙනවා” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ එම මුදල් පුහුණුරුවන්ට ගෙවීමට පාසල් ක්‍රිකට් සංගමයට ලබාදුන් බවයි.
“පුහුණුකරුවන් මේ පිළිබඳව මටත් පැමිණිළි කරලා තියෙනවා. අපි පසුව ඒ මුදල් නිසි පරිදි ලැබුණ ද කියලා හොයලා බලනවා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.