Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් පළමු වැනි පෙරහුරු තරගය හෙට (7 වැනිදා) කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කරන ලද කණ්ඩායමක් සහභාගි වන අතර මෙය නිල නොවන තුන්දින පෙරහුරු තරගයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා වන අශාන් ප්‍රියංජන නම්කරනු ලැබ සිටී.
පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වරින් වර කතාබහට ලක්වූ තරිඳු කෞෂාල් මෙම තුන්දින තරගය සඳහා වන සංචිතයට නම්කර තිබේ. ඔහුගේ දුස්රා පන්දුව හෙවත් නොපිටට කැපෙන පිට දඟ පන්දුව සම්බන්ධයෙන් විවිධ සැක සංකා මතුව තිබිණ. ටෙස්ට් තරග 7 කට සහභාගි වී සිටින කෞෂාල් සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගි වූයේ වසර 2015 ඔක්තෝබර් මාසයේදී කෙදෙව් පිලට එරෙහිව ගාල්ලේදී පැවැති තරගයකදීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය
අශාන් ප්‍රියන්ජන් (නායක), ළහිරු උදාර, සංගීත් කුරේ, ළහිරු මිලන්ත, මිලින්ද සිරිවර්ධන, ප්‍රියමාල් පෙරේරා, ප්‍රමෝද් මධුවන්ත, මනෝජ් සරත්චන්ද්‍ර, චාමික කරුණාරත්න, නිසල තාරක, තරිඳු කෞෂාල්, කවිශ්ක අංජුල, ළහිරු සමරකෝන්, දුවිඳු තිලකරත්න සහ මාලින්ද පුෂ්පකුමාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.