Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ මීලග පුහුණුකරුවා වශයෙන් එංගලන්ත ජාතික පෝල් ෆාබ්‍රේස් මහතා පැමිණෙන බව ස්ථිර කර තිබේ. 45 හැවිරිදි ෆාබ්‍රේස් මහතා වසර දෙකක කාලයක් සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරේ කටයුතු කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ.
ඇමරිකානු ඩොලර් 13,000 ක වැටුපක්, ජංගම දුරකතනයක්, වාහනයක් සහ පදිංචියට නිවසක් සැපයීමේ එකගතාව මත ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර බාරගැනීමට ෆාබ්‍රේස් මහතා ඉදිරිපත්වී තිබේ.
කලකට ඉහත ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරුවා වශයෙන්ද කටයුතු කර ඇති ෆාබ්‍රේස් මහතා ශී‍්‍ර ලංකා කණ්ඩායම වසර 2009 දී පාකිස්තානයේ සංචාරය කරද්දී ලාහෝරයේදී මුහුණ දුන් ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන්ද තුවාල ලැබීය.
එංගලන්තයේ කෙන්ට් ප‍්‍රාන්තයේ, නැගෙණහිර කොටසේ පිහිටි ඇෂ්-නෙක්ස්ට්හිදී 1967 ජූලි 7 වැනිදා උපත ලද පෝල් ෆාබ්‍රේස් එංගලන්තයේ මිඞ්ල්සෙක්ස් සහ කෙන්ට් ප‍්‍රාන්ත වෙනුවෙන් කී‍්‍රඩා කළ සමයේදී කඩුලූ රකින්නෙකු වූ අතර දකුණතින් පන්දුවට පහර දුන් පිතිකරුවෙකි.
පළමු පෙළ තරග 40 කට පමණ කී‍්‍රඩා කර ඇති නමුත් ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වන්නේ 79 කි.
පසුව එංගලන්ත 19 න් පහළ කණ්ඩායමේ සහ එංගලන්ත කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරුවාද වූ ෆාබ්‍රේස් මහතා ශී‍්‍ර ලංකා පිලෙන් ඉවත් වීමෙන් පසුව කෙන්ට් ප‍්‍රාන්තයේ සහ යෝක්ෂයර් ප‍්‍රාන්තයේද පුහුණුකරුවකු වශයෙන් කටයුතු කළේය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම, මේ දිනවල වත්මන් පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් මහතා යටතේ පාකිස්තානු පිලට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී තරග කරමින් සිටී. ශී‍්‍ර ලංකා කණ්ඩායම බාරගැනීම සඳහා ෆාබ්‍රේස් මහතා ශී‍්‍ර ලංකාවට පැමිණෙන දිනය තව දෙසතියක් ඇතුළත ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැන්වීමට එක`ග වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.