Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප‍්‍රවීණයන්ගේ කි‍්‍රකට් ලීගය 20 වැනිදා සිට

ප‍්‍රවීණයන්ගේ කි‍්‍රකට් ලීගය 20 වැනිදා සිට

editorial - 2022 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියා මහරාජාස්, ඒෂියා ලයන්ස් සහ වර්ල්ඞ් ජයන්ට්ස් යන කණ්ඩායම් තුනේ සහභාගීත්වයෙන්  ඕමානයේ අල් අම්රත් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ප‍්‍රවීණයන්ගේ කි‍්‍රකට් ලීගය මෙම මස 20 වැනිදා ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ මූලික වටයේදී කණ්ඩායම් තුනම එකිනෙකාට එරෙහිව තරග දෙකකට බැගින් සහභාගි වන අතර මූලික වටය අවසානයේ ප‍්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම රැදී සිටින කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

මෙම මස 20, 21, 22, 24, 26 සහ 27 යන දිනවලදී මූලික වටයේ තරග පැවැත්වෙන අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම මස 29 වැනිදාය. එහි සියලූම තරග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8.00 ආරම්භ වනු ඇත.

මෙම තරගාවලියේදී ඒෂියා ලයන්ස් කණ්ඩායමට හිටපු ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් 7 දෙනෙක් ඇතුළත් වන අතර සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, තිලකරත්න ඩිල්ෂාන්, නුවන් කුලසේකර සහ උපුල් තරංග එම කී‍්‍රඩකයෝ වෙති.

ඒෂියා ලයන්ස් කණ්ඩායමට පාකිස්තාන කී‍්‍රඩකයන් 9 දෙනෙක් සහ එක් ඇෆ්ගනිස්තාන කී‍්‍රඩකයකු ඇතුළත්ව සිටින අතර වර්ල්ඞ් ජයන්ට්ස් කණ්ඩායමට  ඕස්ටේ‍්‍රලියානු, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අපි‍්‍රකානු, එංගලන්ත, නවසීලන්ත, අයර්ලන්ත සහ සිම්බාබ්වේ කී‍්‍රඩකයෝ ඇතුළත්ව සිටිති.


සහභාගි වන කණ්ඩායම්
ඉන්දියා මහරාජාස්
විරේන්ද්‍ර ෂෙවාග්, යුවරාජ් සිං, හර්බජාන් සිං, ඉර්ෆාන් පතන්, යුසෆ් පතන, සුබ‍්‍රමනියම් බද්‍රිනාත්, රුද්‍රා ප‍්‍රතාප් සිං, ප‍්‍රගයන්  ඕජා, නාමන්  ඕජා, මන්ප‍්‍රීත් සිං ගෝනි, හෙමංග් බදානි, වේනුගෝපාල් රා ඕ, මුනාෆ් පටේල්, සංජය බන්ගර්, නයන් මොන්ගියා සහ අමිත් භණ්ඩාරි

ඒෂියා ලයන්ස්
සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, තිලකරත්න ඩිල්ෂාන්, නුවන් කුලසේකර, උපුල් තරංග, ෂොයිබ් මලික්, සහීඞ් අෆ්රිඩි, කම්රාන් අක්මාල්, අසාර් මහමුද්, මිස්බා උල්හක්, මොහොමඞ් හෆීස්, ෂොයිබ් මලික්, මොහොමඞ් යූසෆ්, උමාර් ගුල් සහ අස්ගර් ඇෆ්ගන්

වර්ල්ඞ් ජයන්ට්ස්
ඩැරන් සැමී, ඩැනියෙල් විටෝරි, බ්‍රෙට් ලී, ජොන්ටි රෝඞ්ස්, කෙවින් පීටර්සන්, ඉම්රාන් තාහීර්, ඔවයිස් ෂා, හර්ෂල් ගිබ්ස්, ඇල්බි මෝකල්, මෝනි මෝකල්, කෝරි ඇන්ඩසන්, මොන්ටි පනේසාර්, බ‍්‍රැඞ් හැඩින්, කෙවින්  ඕ‘බ‍්‍රයන් සහ බ්‍රෙන්ඩන් ටේලර්


තරග කාල සටහන
ජනවාරි 20 - ඉන්දියා මහරාජාස් පිල සහ ඒෂියා ලයන්ස් පිල අතර
ජනවාරි 21 - වර්ල්ඞ් ජයන්ට්ස් පිල සහ ඒෂියා ලයන්ස් පිල අතර
ජනවාරි 22 - වර්ල්ඞ් ජයන්ට්ස් පිල සහ ඉන්දියා මහරාජාස් පිල අතර
ජනවාරි 24 - ඒෂියා ලයන්ස් පිල සහ ඉන්දියා මහරාජාස් පිල අතර
ජනවාරි 26 - ඉන්දියා මහරාජාස් පිල සහ වර්ල්ඞ් ජයන්ට්ස් පිල අතර
ජනවාරි 27 - ඒෂියා ලයන්ස් පිල සහ වර්ල්ඞ් ජයන්ට්ස් පිල අතර
ජනවාරි 29 - අවසන් මහ තරගය

-036

 


අදහස් (0)

ප‍්‍රවීණයන්ගේ කි‍්‍රකට් ලීගය 20 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.