Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පිතිකරුවන් ඕස්ට්‍රේලියානු පන්දුයවන්නන්ට එරෙහිව ලකුණු රැස් කිරීමේ ක්‍රමයක් හදාගත යුතු බවත් තම ක්‍රීඩකයන් ඊළඟ තරගයේදී හොඳ සැළසුමක් සමග පිටියට පිවිසෙනු ඇති බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පෙරේදා (26) පැවසීය. ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හී ගැබා ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ චන්දිමාල් වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“අපි කණ්ඩායමක් විදිහට ඇත්තටම කණගාටු වෙනවා මෙම පරාජය සම්බන්ධයෙන්. ඊට අපේ පිතිකරණයේ අඩුපාඩු පරාජයට බලපෑවා. අපිට හදාගන්න තියෙන එක් පැත්තක් තමයි අපේ පිතිකරණය. ඕස්ට්‍රේලියාව වගේ රටක ලකුණු 300 ක් ලබාගැනීම දුෂ්කර කාර්යක්. ඒක අපි ඉක්මණින් නිවැරදි කරගත යුතුයි”
“තරගය ආරම්භයේදී අපිට පළමු ඉනිමට ඉතා හොඳ ලකුණු සංඛ්‍යාවක් රැස් කරන්න බැරි වුණා. මම හිතනවා පළමු ඉනිමට ලකුණු 250 ක් 300 ක් අපි ලබාගෙන තිබුණා නම් අපිට වාසියක් ගන්න තිබුණා. නමුත් සම්පූර්ණ ගෞරවය යන්න ඕන ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට. විශේෂයෙන් පැට් කමින්ස්ට. ඔහු හැමතිස්සෙම හරි තැනට පන්දු යැව්වා”
“අපි දන්නවා ගැබා තණතීරුවේ තරග කරද්දී පන්දුවේ අතිරේක ඉපිලීමක් තියෙනවා කියලා. අපිට පිතිකරුවන් ලෙස හදාගන්න අමාරු වුණු කාරණයත් ඒකයි. අපි මීට පෙර කමින්ස්ගේ පන්දුවලට ටෙස්ට් තරගවලදී මුහුණ දීලා තිබුණේ නැහැ. එහෙමයි කියලා අපිට නිදහසට කාරණා ලබාදෙන්න බැහැ. අපි ලකුණු ලබාගන්න ක්‍රමයක් හදාගත යුතුයි. මම හිතනවා අපේ ක්‍රීඩකයන් ඊළඟ තරගයේදී හොඳ සැලසුමක් එක්ක පිටියට පිවිසෙයි කියලා. මට අවශ්‍ය වුණා අංක 03 පිතිකරුවා ලෙස කටයුතු කරන්න. මොකද මම පසුගිය වසරේ අංක 05 පිතිකරුවා ලෙසයි කටයුතු කළේ. ඒ සමහර අවස්ථාවල මට කඩුලු රැකීමේ කාර්යය පැවරුණු නිසයි. දැන් දික්වැල්ල කඩුලු රැකීමේ කාර්යය කරන නිසා මම අංක 03 පිතිකරුවා ලෙස කටයුතු කරන්න අපේක්ෂා කරනවා‘ යැයි සඳහන් කළේය.
මෙහිදී ළහිරු තිරිමාන්නගේ දැවීයාම පිළිබඳව චන්දිමාල් මෙසේ අදහස් දැක්වීය.
“අපි දැක්කා එය දැවීයාමක් ලෙස දක්වන්න පුළුවන් කිසිදු සාක්ෂියක් තිබුණේ නැහැ. නමුත් ඒක තමයි විනිසුරුගේ අවසන් තීන්දුව. යම් ශබ්දයක් තිබුණු නිසා අපිට ඒ තීන්දුව ලැබුණා. ඉතින් අපි විනිසුරුගේ තීන්දුවට ගරු කළ යුතුයි”
මේ අතර නවක ක්‍රීඩකයන් සමග ලැබූ මේ ජයග්‍රහණය ගැන ආඩම්බර වන බව ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
“අපේ ඉක්මණින්ම කඩුලු දෙකක් දැවී ගිය අවස්ථාවේ පීඩනයක් යටතේ මානස් ලබුස්චේන් සහ ට්‍රැවිස් හෙඞ් ක්‍රීඩා කළ ආකාරය විශිෂ්ටයි. අපේ තරුණ ක්‍රීඩකයන් ඉතාම හොඳ තත්ත්වයකට අපිව රැගෙන ආවා. ඒ වගේම ජායි රිචඞ්සන්ගේ මංගල ටෙස්ට් තරගයේදී ඔහු දැක්වූ දක්ෂතා අගය කළ යුතුයි. ඕනෑම ටෙස්ට් තරගයක් දවස් 03ක් ඇතුළත නිමාකරලා දිනන්න පුළුවන්නම් ඒක ඉතා විශිෂ්ටයි. අපේ පසුගිය කාලය ටෙස්ට් තරගවලදී ඉතාම හොඳ වුණේ නැහැ. එහෙත් අපි හුඟක් කැපවීමෙන් වැඩ කළා. අලුත් ක්‍රීඩකයන් සමග ලබපු මේ ජයග්‍රහණය ගැන අපිට ආඩම්බර වෙන්න පුළුවන්. පැට් කමින්ස් අපිට ටෙස්ට් තරගවලදී අවශ්‍යම ආකාරයට විශේෂයෙන් පිතිකරුවන් අමාරුවේ දමන පන්දු යවන්නෙක් ලෙස පන්දු යවනවා. කණ්ඩායමකට එරෙහිව කඩුලු 06 ක් ගන්නවා කියන්නෙ ඒක විශිෂ්ට පන්දු යැවීමක්. අපි අපේක්ෂා කරනවා ඔහුගේ දක්ෂතා දිගටම පවත්වාගෙන අපිට තරග දිනවාලා දෙයි කියලා‘ යනුවෙන් වැඩිදුරටත් පවසා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.