Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පිළියන්දල මැදි විදුහල අවසන් පූර්ව වටයට

පිළියන්දල මැදි විදුහල අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2019 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලය අද (7 වැනිදා) සමත්විය.

බුලත්සිංහල ඒරන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී මීගමුව ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් ලබාගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලය සමත්විය.

උෂාන් දීමන්ත පළමු ඉනිමේදී ලකුණු 40 කට කඩුලු 7 ක් සහ හේෂාන් මදුශංක දෙවැනි ඉනිමේදී ලකුණු 39 කට කඩුලු 8 ක් දවාගනිමින් පිළියන්දල මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශා.පීතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 64.2 කදී සියලුදෙනා දැවී ලකුණු 140
(උමේෂ් ලක්ෂාන් 28, බ්‍රයන් ජුලියස් 26, උෂාන් දීමන්ත 40/7, සඳුන් සත්සර 21/2)

පිළියන්දල මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 47.5 කදී සියලුදෙනා දැවී ලකුණු 178
(මල්ෂාන් ගුණතිලක 36, චමෝද් සඳරු 34, ජනිත් දිල්ශාන් 26, හේෂාන් මදුශංක 24, බ්‍රයන් ජුලියස් 24/3, සමිඳු මදුශංක 33/3, තමෝද් කවිඳු 44/2, දිනෙත් තත්සර 49/2)

ශා.පීතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 24 කදී සියලුදෙනා දැවී ලකුණු 74
(හේෂාන් මදුශංක 39/8, සඳුන් සත්සර 17/2)

පිළියන්දල මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 8.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 41
(චමෝද් සඳරු නොදැවී 20)


අදහස් (0)

පිළියන්දල මැදි විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.