Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් පිල සහ බංගලාදේශ පිල අතර ශාන්ත ලූසියා දිවයිනේ, ග්‍රොස් අයිලට් ‘ ඕවල්’ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංගලාදේශ පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 104 ක් ලබා සිටියේය.
බංගලාදේශ පිලේ පිතිකරුවන් තිදෙනකුට හැරෙන්නට අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට කොදෙව් පන්දුයවන්නෝ ඉඩ නොදුන්හ. වේග පන්දුයවන කී‍්‍රඩක කේමර් රෝච් ලකුණු 33 කට කඩුලූ 5 ක් දවාගනිමින් බංගලාදේශ කී‍්‍රඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.
බංගලාදේශ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල්, හතරේ පහර 6 ක් සමගින් ලකුණු 48 ක් රැස්කරගෙන සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවිගියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 380 ක් ලබා ගත්තේය. එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 143 ක සම්බන්ධතාවක් පිහිටවූ කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් (63) සහ ලියෝන් ජොන්සන් (66) ආරම්භක පිතිකරු යුගලය කොදෙව් පිලට සාර්ථක ආරම්භයක් ගෙන දුන්හ.
කේ‍්‍රග් බ‍්‍රැත්වයිට්ගේ අර්ධ ශතකයට හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර තම මංගල තරගයට සහභාගී වූ ලියෝන් ජොන්සන්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.
කොදෙව් ඉනිම නිමාවන තුරුම කඩුල්ලේ රැදීසිටි ශිව්නරේන් චන්ද්‍රපෝල් (නොදැවී 84), තම අර්ධ ශතකය ලබාගැනීම සඳහා පන්දු 198 කට මුහුණ දුන්නේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් විය.
බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 380
(කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් 63, ලියෝන් ජොන්සන් 66, කර්ක් එඞ්වඞ්ස් 16, ඩැරන් බ‍්‍රාවෝ 46, ශිව්නරේන් චන්ද්‍රපෝල් නොදැවී 84, ජෙරම් ටේලර් 40, සුලයිමන් බෙන් 25, අල් අමීන් හුසේන් 80/3, රොබියුල් ඉස්ලාම් 63/2, ශෆියුල් ඉස්ලාම් 80/2, තයිජුල් ඉස්ලාම් 89/2)
බංගලාදේශ පිල පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී 104
(ටමීම් ඉක්බාල් 48, මහමදුල්ලා නොදැවී 13, තයිජුල් ඉස්ලාම් 12, කේමර් රෝච් 33/5, ජෙරම් ටේලර් 33/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.