Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘නිදහස් කුසලාන’ තුන් කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආ3⁄4. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 215 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.
එය විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් හඹාගොස් තරගයක් ජයගත් සිවුවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහි කණ්ඩායමක් හඹාගොස් තරගයක් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්විය.
අනුකම්පා විරහිත අයුරින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එළව එළවා පහරදුන් මුෂ්ෆිකුර් රහීම්, පන්දු 35 කදි
හයේ පහර 4 ක් සහ හයේ පහර 5 ක් සමග නොදැවී වේගවත් ලකුණු 72 ක් රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. සෞම්‍ය සාකර් (24) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රහීම් සමත් වූ අතර පන්දු 22 කදී වාර්තා වූ සාකර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 74 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ ටමීම් ඉක්බාල් (47) සහ ලිටන් දාස් (43) බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩිතාලමක් දැමූහ. පන්දු 29 කට මුහුණදුන් ඉක්බාල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය. පන්දු 19 කට මුහුණදුන් දාස්ගේ ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 දැවී ලකුණු 214 ක් ලබාගත්තේය.ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ කුසල් මෙන්ඩිස් තරගය ආරම්භයේ සිටම ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවෙමින් පන්දු 30 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 57 ක් රැස්කළේය.
ධනුෂ්ක ගුණතිලක (26) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මෙන්ඩිස්, ඉන් නොවතී කුසල් පෙරේරා (74) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 85 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක පිටියෙන් ඉවත් කිරීමට මුස්තෆිසුර් රෙහෙමාන් සමත් වූ අතර කඩුල්ල තුළට දෝලනය වූ පන්දුව පිට ඉන්නේ දැවටීමත් සමග ධනුෂ්කගේ ඉනිම නිමාවට පත්විය. දැවීයන විට පන්දු 19 කට මුහුණදී සිටි ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත්වී තිබිණ.
ශ්‍රී ලංකා ඉනිමේ 13 වැනි ඕවරය යැවීම සඳහා පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ නායක මහමදුල්ලා එම ඕවරයේ දෙවැනි පන්දුවේදී කුසල් මෙන්ඩිස්ගේ ඉනිම නිමා කළේ සබීර් රෙහෙමාන්ගේ සහායද ඇතිවය. ඉන් නොනැවතුන මහමදුල්ලා, එම ඕවරයේ පස්වැනි පන්දුවේදී දසුන් ශානක ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට තෙවැනි කඩුල්ලත් අහිමි කරමිනි.
පස්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටිමට අවස්ථාවක් නොලැබිණ. පිත්තේ පිටත දාරය වැදී ඉහළ ගිය ටස්කින් අහමඞ්ගේ පන්දුව මිඞ් ඕෆ්ඔ කළාපයේ පන්දු රකිමින් සිටි සබීර් රෙහෙමාන්ගේ දෑත් අතර සිරවන විට චන්දිමාල් ලබා සිටියේ ලකුණු 2 ක් පමණි.
පන්දු 34 කදී සිය 9 වැනි විස්සයි20 අර්ධ ශතකය සම්පූර්ණ කළ කුසල් පෙරෙරා, ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි කඩුල්ල බිඳ වැටීමත් සමග සිය ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කළේය. එහෙත් මුස්තෆිසුර් රෙහෙමාන්ගේ පන්දුවකට ගැසූ පහරකින් එක තැන ඉහළ ගිය පන්දුව උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් සමත් වීමත් සමග කුසල්ටද ක්‍රීඩාගාරය වෙත පියමන් කිරීමට සිදුවිය. ඒ වන විට පන්දු 48 කට මුහුණදී සිටි කුසල්, හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය අලංකාර කර තිබිණ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමවෙන් ඔබ්බට රැගෙන යෑඹ සඳහා කුසල්ට අනගි සහායක් දුන් උපුල් තරංග පන්දු 15 කදී නොදැවී ලකුණු 32 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. කුසල් සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 55 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද තරංග සමත් විය.
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක මහමදුල්ලා රියාද් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. ඉන්දියාවට එරෙහිව පැවැති තරග දෙක සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් කිසිඳු වෙනස්කමකින් තොරව මෙම තරගයටද සහභාගි විය.
මෙම තරගය ජයගැනීමට බංග්ලාදේශය සමත්වීම නිසා තරගාවලියේ පළමු අදිරය අවසන් වන විට කණ්ඩායම් 3 ම එක් තරගය බැගින් ජයගෙන ලකුණු 2 බැගින් ලබා සිටියි. ඒ අනුව තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා කණ්ඩායම්
3 ටම එකලෙස අවස්ථාව පවති.
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.