Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශය කඩුලූ 6 කින් ජය ලබයි

බංග්ලාදේශය කඩුලූ 6 කින් ජය ලබයි

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 27 වැනි තරගය ලෙස බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතර නෙල්සන්්හිදී අද (05) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් බංග්ලාදේශ පිල කඩුලූ 6 ක ජයක් ලැබීය.

බංග්ලාදේශ පිතිකරුවෝ ලකුණු 319 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 48.1 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

ශකීබ් අල් හසන් (නොදැවී 52) සහ සබීර් රහමන් (නොදැවී 42) පස්වැනි කඩුල්ලට පන්දු 67 කදී ලකුණු 75 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පහසු කිරීමට සමත් වූහ.

මුෂ්ෆිකුර් රහීම් පන්දු 42 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 60 ක් රැස්කිරීමට සමත් විය.

තමීම් ඉක්බාල් පන්දු 100 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 95 ක් ලබා සිටියදී තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

තමීම් ඉක්බාල් සහ මහුමුදුල්ලා දෙවැනි කඩුල්ලට පන්දු 130 කදී ලකුණු 139 වේගවත් සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

මහුමුදුල්ලා පන්දු 62 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 62 ක් රැස් කළේය.

පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත පිල  ඕවර 50 යේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 318 ක් රැස්කිරීම කැපී පෙනේ.

ස්කොට්ලන්ත ආරම්භක පිතිකරු කයිල් කොයිට්ෂර් පන්දු 134 කදී හතරේ පහර 17 ක් සහ හයේ පහර 4 ක සමගින් ලකුණු 156 ක් රැස්කිරීමට සමත් විය.

ස්කොට්ලන්ත පිල  ඕවර 50 යේදී කඩුලූ 8 ට 318
(කයිල් කොයිට්ෂර් 156, මැට් මචාන් 35, පීටසන් මොන්සෙන් 39, ටස්කින් අහමඞ් 43/3, නසීර් හොසේන් 32/2)

බංග්ලාදේශ පිල  ඕවර 48.1 කදී කඩුලූ 4 ට 322
(තමීම් ඉක්බාල් 95, මහුමුදුල්ලා 62, මුෂ්ෆිකුර් රහීම් 60, ශකීබ් අල් හසන් නොදැවී 52, සබීර් රහමන් නොදැවී 42, ජෝස් ඬේවි 68/2)

048


අදහස් (0)

බංග්ලාදේශය කඩුලූ 6 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.