Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශය ලකුණු 105 කින් ජයගනී

බංග්ලාදේශය ලකුණු 105 කින් ජයගනී

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර කැම්බරාහිදී අද (18) පැවැති තරගයෙන් බංග්ලාදේශ ක‍්‍රීඩකයෝ ලකුණු 105 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ජයග‍්‍රහණය සදහා ලකුණු 268 ක ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තාන් පිල  ඕවර 42.5 කදී ලකුණු 162 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. නායක මොහොමඞ් නබී පන්දු 43 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 44 ක් රැස්කරමින් ඇෆ්ගනිස්තාන් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

මුෂ්ෆීකුර් රහීම් පන්දු 56 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 71 ක් රැස්කරමින් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. ශකීබ් අල් හසන් පන්දු 51 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 51 ක් රැස්කරමින් පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

මුෂ්ෆීකුර් රහීම් සහ ශකීබ් අල් හසන් පස්වැනි කඩුල්ලට පන්දු 93 කදී ලකුණු 114 ක සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමත් තත්ත්වයකට ගෙන ඒමට සමත් වූව ද අවසන් කඩුලූ 6 ලකුණු 33 කට බිද වැටීමෙන් ලකුණු 300 ආසන්නට ඒමට තිබූ අවස්ථාව ගිලිහි ගියේය.  

එනමුල් හක් පන්දු 55 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 29 ක් ලබා පිටියෙන් ඉවත් විය. ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු 19 ක් ලබා පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

බංග්ලාදේශ නායක මෂ්රාෆි මොර්ටාෂා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.


බංග්ලාදේශ පිල  ඕවර 50 යේදී සියලූ දෙනා දැවී 267 (එනමුල් හක් 29, තමීම් ඉක්බාල් 19, සොයුම්යා සර්කර් 28, මහුමුදුල්ලා 23, ශකීබ් අල් හසන් 63, මුෂ්ෆීකුර් රහීම් 71, මෂ්රාෆි මොර්ටාෂා 14, හමිද් හසන් 61/2, ශපූර් ශාදන් 20/2, අෆ්ටාබ් අලාම් 55/2,  මිර්වයිස් අෂ්රෆ් 32/2)

ඇෆ්ගනිස්තාන් පිල  ඕවර 42.5 කදී සියලූ දෙනා දැවී 162 (සමියුල්ලා ෂෙන්වොරි 42, නව්රොෂ් මන්ගාල් 27, මොහොමඞ් නබී 44, නජිබුල්ලා ශදාන් 17, අෆ්ටාබ් අලාම් 14, මෂ්රාෆි මොර්ටාෂා 20/3, ශකීබ් අල් හසන් 43/2)

 

- 048


අදහස් (0)

බංග්ලාදේශය ලකුණු 105 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.