Last Update  :  2025-01-14 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශ ‘ඒ’ ක්‍රීඩිකාවෝ 4-1 කින් විස්සයි-20 තරගාවලිය ජය ලබති

බංග්ලාදේශ ‘ඒ’ ක්‍රීඩිකාවෝ 4-1 කින් විස්සයි-20 තරගාවලිය ජය ලබති

editorial - 2024 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කාන්තා ‘ඒ’ කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග දෙපිල අතර පැවැති තරග 6 කින් සමන්විත වූ විස්සයි-20 තරගාවලියේ ජය 4-1 ක් ලෙස බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට හිමිවිය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 55 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ‘ඒ’ ක්‍රීඩිකාවෝ ඕවර 11.4 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 33 ක් රැස්කළ දිලාරා අක්තර් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමට බංග්ලාදේශ ‘ඒ’ ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 16.2 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 54 ක් පමණි. චේතනා විමුක්ති (11) හැරුණු කොට කිසිදු ශ්‍රී ලංකා පිතිකාරිණියක ලකුණු 10 සීමාව පසුකර යෑමට අපොහොසත් වූවාය. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ රෙබේකා ඛාන් ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූවාය.  ෆාතිමා ඛාතූන්, නහිඩා අක්තර් සහ මරූෆා අක්තර් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම සුනුවිසුණු කිරීම සඳහා රෙබේකාට අනගි සහායක් ලබාදුන්හ. 


ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිල - ඕවර 16.2 කදී සියලු දෙනා දැවී 54 
(රෙබේකා ඛාන් 14/3, ෆාතිමා ඛාතූන් 09/2, නහිඩා අක්තර් 10/2, මරූෆා අක්තර් 14/2)
 
බංග්ලාදේශ කාන්තා ‘ඒ’ පිල - ඕවර 11.4 කදී කඩුලු 2 ක් දැවී 56
(දිලාරා අක්තර් නොදැවී 33, නිගාර් සුල්තානා නොදැවී 14) 


අදහස් (0)

බංග්ලාදේශ ‘ඒ’ ක්‍රීඩිකාවෝ 4-1 කින් විස්සයි-20 තරගාවලිය ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.