Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බස්නාහිර ග‍්‍රීන්ස් අවසන් තරගයට සුදුසුකම් ලබාගනී

බස්නාහිර ග‍්‍රීන්ස් අවසන් තරගයට සුදුසුකම් ලබාගනී

රොෂාන් ගුණරත්න - 2013 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි/20 තරගාවලියේ පස්වැනි තරගයේදී ලසිත් මාලිංගගේ රුහුණු රෙඞ්ස් පිල පරදවා ලකුණු 9 ක පහසු ජයක් ලබාගැනීමට බස්නාහිර ග‍්‍රීන්ස් කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති මෙම තරගයේදී ලකුණු 121 ක ඉලක්කයක් හඹා ගිය රුහුණ රෙඞ්ස් පිලට නියමිත   ඕවර 17 අවසානයේදී ලබාගත හැකිවූයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 111 ක් පමණි.

බස්නාහිර ග‍්‍රීන්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවු කෝසල කුළසේකර  ඕවර දෙකකදී ලකුණු 04 කට කඩුලූ 3 ක් දවා ගැනීමට සමත්විය.

රුහුණ රෙඞ්ස් කාසියේ වාසිය දිනා පන්දුවට මුලින් පහර දීමට බස්නාහිර ග‍්‍රීන්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර පන්දුවාර 17 අවසානයේ බස්නාහිර ග‍්‍රීන්ස් කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 120ක් ලබාගත්තේය.  බස්නාහිර ග‍්‍රීන්ස් කණ්ඩායම වෙනුවෙන් ගිහාන් රූපසිංහ පන්දු 25 කදී හයේ පහර 3 ක් හා හතරේ පහරක් සමගින් ලකුණු 32 ක්ද කෝසල කුලසේකර හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් පන්දු 31 කදී ලකුණු 28 ක්ද ලබාගනිමින් තම කණ්ඩායමේ ලකුණු තත්වය ඉහල දැමීමට සමත් වූහ.

තණතිල්ලේ තෙත ස්වභාවය නිසා තරගය ආරම්භවීම විනාඩි 35ක් ප‍්‍රමාදවී විය. එමනිසා තරගය පන්දුවාර 17 කට සීමාවිය.

ලකුණු පුවරුව

බස්නාහිර ග‍්‍රීන්ස්

ඩිල්ශාන් මුණවීර - ඇ.මුබාරක් ප.මාලිංග 4

ගිහාන් රූපසිංහ - ඇ.ජයරත්න ප.වීරරත්න 32

තිලකරත්න සම්පත් - ස්ට.ජනිත් ප.ඩිල්ශාන් 15

ඇන්ජලෝ මැතිව්ස් - ඇ.ලංකා ප.මහරූෆ් 0

ජනක ගුණරත්න - දුවද්දී දැවී ගියා 0

කෝසල කුලසේකර - නොදැවී 28

කිත්රුවන් විතානගේ - ඇ.ලංකා ප.ප‍්‍රසන්න 9

චතුරංග ද සිල්වා - ස්ට.ජනිත් ප.ඩිල්ශාන් 0

සචිත‍්‍ර සේනානායක - ඇ.මහරූෆ් ප.මාලිංග 6

ඉසුරු උදාන - ප.ජයරත්න 12

සුරංග ලක්මාල් - දුවද්දී දැවී ගියා  5

අතිරේක  11

එකතුව  ඕවර 17 කදී සියළු දෙනා දැවී  120

කඩුලු වැටීම:  1-4 (මුණවීර), 2-23 (සම්පත්), 3-30 (මැතිව්ස්), 4-36 (ගුණරත්න), 5-59 (රූපසිංහ), 6-75 (විතානගේ), 7-75 (ද සිල්වා), 8-89 (සේනානායක), 9-103 (උදාන), 10-120 (ලක්මාල්)

පන්දු යැවීම:

ලසිත් මාලිංග : 4-0-21-2, ෆරවීස් මහරූෆ් : 2-0-27-1, තිලකරත්න ඩිල්ශාන් : 4-0-20-2, ඩිල්රුවන් පෙරේරා : 2-0-12-0,  කෞෂාල් වීරරත්න : 1-0-3-1, සීක්කුගේ ප‍්‍රසන්න : 2-0-12-1, ඉෂාන් ජයරත්න : 2-0-20-1

රුහුණ රෙඞ්ස්

තිලකරත්න ඩිල්ශාන් - ඇ.සම්පත් ප.මැතිව්ස් 10

කුසල් ජනිත් - ඇ.මුණවීර ප.සේනානායක 2

ඩිල්රුවන් පෙරේරා - ප.සේනානායක 24

ජේහාන් මුබාරක් - ඇ.සම්පත් ප.මැතිව්ස් 0

ඇන්ජලෝ පෙරේරා - ඇ.සම්පත් ප.කුලසේකර 9

යශෝධ ලංකා - ඇ.ගුණරත්න ප.කුලසේකර 0

ෆරවීස් මහරූෆ් - ඇ.ද සිල්වා ප.කුලසේකර 1

කෞෂාල් වීරරත්න - ඇ.කුලසේකර ප.උදාන 21

සීක්කුගේ ප‍්‍රසන්න - ඇ.මැතිව්ස් ප.ලක්මාල් 20

ලසිත් මාලිංග - නොදැවී 0

ඉෂාන් ජයරත්න - නොදැවී 5

අතිරේක 19

එකතුව  ඕවර 17 කදී කඩුලු 9ක් දැවී 111

කඩුලු වැටීම:  1-6 (ජනිත්), 2-30 (ඩිල්ශාන් ), 3-30 (මුබාරක්), 4-52 (ඇන්ජලෝ පෙරේරා), 5-52 (ලංකා), 6-57 (මහරූෆ්), 7-68 (ඩිල්රුවන් පෙරේරා), 8-105 (ප‍්‍රසන්න), 9-106 (වීරරත්න)

පන්දු යැවීම:

සචිත‍්‍ර සේනානායක : 4-0-20-2, සුරංග ලක්මාල් : 4-0-32-1, ඉසුරු උදාන : 3-0-22-1, ඇන්ජලෝ මැතිව්ස් : 3-0-10-2,  චතුරංග ද සිල්වා : 1-0-20-0, කෝසල කුලසේකර : 2-0-4-3

 

(ඡායාරූපය: ශාන්ත රත්නායක)


අදහස් (2)

බස්නාහිර ග‍්‍රීන්ස් අවසන් තරගයට සුදුසුකම් ලබාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.