Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්ලූම්ෆීල්ඩ් - ගුවන් හමුදාව ජය ලබයි

බ්ලූම්ෆීල්ඩ් - ගුවන් හමුදාව ජය ලබයි

editorial - 2022 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අද (30 වැනිදා) පැවැති තරගවලදී ජය වාර්තා කිරීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව සමත් විය. අද පැවැති සෙසු තරග හතරම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

පී. සරවනමුත්තු ක්‍රීඩාගංණයේදී ඒස් කැපිටල්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගය ලකුණු 32 කින් ජයගැනීමට ගුවන් හමුදාව සමත් වූ අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී නාවික හමුදාවට එරෙහිව පැවැති තරගය ලකුණු 16 කින් ජයගැනීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමත් විය.

ගාල්ල ක්‍රීඩා සමාජය සහ කළුතර ටවුන් ක්‍රීඩා සමාජය අතර පැවැති තරගය, එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ සී.සී.සී. ක්‍රීඩා සමාජය අතර පැවැති තරගය මෙන්ම කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර පැවැති තරගයද අතරමැද අත්හැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ.

බදුරලිය ක්‍රීඩා සමාජය සහ ලංකන් ක්‍රීඩා සමාජය අතර අද පැවැත්වීමට නියමිතව තිබූ තරගය අත්හැර දැමුමීමට විනිසුරුවන් පියවර ගත්තේ එක් පන්දුවක් හෝ නොයවාමය.


ගුවන් හමුදාවට ලකුණු 32 ක ජයක්
ගුවන් හමුදාව - ඕවර 15 කදී කඩුලු 8 කට 118
(දුෂාන් ප්‍රනාන්දු 16, මොවින් සුබසිංහ 24, ලසඳ රුක්මාල් 31, චානක දේවින්ද 17/4)
ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය - ඕවර 14.5 කදී සියලු දෙනා දැවී 86
(ෂෙහාන් ප්‍රනාන්දු 21, සිතුම් දිසානායක 32, මධුෂංක ප්‍රේමරත්න 12/3, දේෂාන් ප්‍රනාන්දු 07/2, නදීර ඉෂාන් 11/2, මොවින් සුබසිංහ 21/2)


බ්ලූම්ෆීල්ඩ් සමාජයට ලකුණු 16 ක ජයක්
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය - ඕවර 6 කදී කඩුලු 7 කට 46
(ළහිරු මධුෂංක 18, ඩිලංක ආයුවර්ඩ් 16/3, පූර්ණ චාරුක 09/2)
නාවික හමුදාව - ඕවර 6 කදී කඩුලු 4 ක් දැවී 30
(ළහිරු ජයකොඩි නොදැවී 12, මාලින්ද පෙරේරා 06/3)


අදහස් (0)

බ්ලූම්ෆීල්ඩ් - ගුවන් හමුදාව ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.