Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාව දෙවරක් දිනාගත් බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය රෝයල් ස්පෝට්ස් සමාගම විසින් හිමිකර ගෙන ඇත. ඒ අනුව බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම් නාමය මින් ඉදිරියට බාබඩෝස් රෝයල්ස් ලෙස හදුන්වනු ලැබේ.
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සම්බන්ධ කණ්ඩායමක හිමිකරුවන් විසින් කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායමක් මිලදී ගත් තෙවැනි අවස්ථාව මෙයයි. මින් පෙර සාන්ත ලුසියා සූක්ස් කණ්ඩායම පන්ජාබ් කිංග්ස් හිමිකරුවන් විසිනුත්, ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝ රෙඩ් ස්ටීල් කණ්ඩායම කොල්කටා නයිට් රයිඩර්ස් හිමිකරුවන් විසිනුත් මීළදී ගනූ ලැබීය.
කරන් පොලාර්ඩ්ගේ නායකත්වය යටතේ බාබඩෝස් කණ්ඩායම 2014 දී ප්‍රථම වරට කැරිබියන් ප්‍රීමියර් ලීග් ශූරතාව දිනා ගත්තේය. 2019 වසරේදී ජේසන් හෝල්ඩර්ගේ නායකත්වය යටතේ යළිත් ඔවුන් ශූරතාව දිනාගන්නා ලදී. ජේසන් හෝල්ඩර් තවදුරටත් මෙවර තරගාවලියේදීද බාබඩෝස් කණ්ඩායමට නායකත්වය දෙන අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර මහතාගේ සහයද ඔහුට හිමිවනු ඇත.
මෙවර කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය අගෝස්තු 26 සිට සැප්තැම්බර් 15 දක්වා පැවැත්වේ. සියලුම තරඟ ශාන්ත කිට්ස් හිදී පැවැත්වේ. සමාරම්භක දිනයේ දෙවැනි තරගය ලෙස ශාන්ත කිට්ස් සහ නෙවිස් කණ්ඩායමට එරෙහිව බාබඩෝස් රෝයල්ස් කණ්ඩායම තරග වදියි.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.