Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වී සිටින වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට සහ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට විනය කඩ කිරීම හේතුවෙන් දඩ නියම කිරීමට තරගාවලියේ විනය කමිටුව පියවර ගෙන තිබේ.
කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන බිනුරට, ජූලි මස 2 වැනිදා මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී විනිසුරු තීරණයකට අප්‍රසාදය කිරීම හේතවෙන් තරග ගාස්තුවෙන් 20% ක දඩයක් ගෙවීමට සිදුව ඇත.
එය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ විනය නීති මාලාවේ 2.4 වැනි වගන්තිය උල්ඝංණය කිරීමක් බැවින් ඔහුට දඬුවම් ලකුණක්ද ලබාදී ඇත. ඊට අමතරව තරගාවලියේ ඇඳුම් ආයිත්තම් පැළදීමේ නීති කඩ කිරීම හේතුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් 25% ක තවත් දඩයක් ගෙවීමටද සිදුව තිබේ.
මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගද එම නීතියම (ඇඳුම් ආයිත්තම් පැළදීමේ) කඩ කිරීම හේතුවෙන් ඔහුටද තරග ගාස්තුවෙන් 25% ක දඩයක් නියම කර ඇක. ක්‍රීඩකයන් දෙදෙනාම තමන්ට එරෙහිව ගොනු කර ඇති වැරදි පිළිගෙන තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.