Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ‍්‍රාවෝ චෙන්නායි පිල අවසන් තරගයට ගෙනයයි

බ‍්‍රාවෝ චෙන්නායි පිල අවසන් තරගයට ගෙනයයි

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි සුපර්කිංග්ස් පිල අද (02 වැනිදා) සමත්විය.

හයිද්‍රාබාද් හිදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කිංග්ස් XI, පන්ජාබ් පිලට එරෙහිව ලකුණු 65 ක පහසු ජයක් වාර්තා කරමින් ඔවුහු අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹාගිය කිංග්ස් XI, පන්ජාබ් පිලට  ඕවර 18.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 117 ක් පමණි.

එහිදී පංජාබ් පිලේ පිතිකරුවන් 6 දෙනකුම ලකුණු 10 සීමාව පසුකර යෑමට පෙර දවාගැනීමට චෙන්නායි පන්දු යවන්නෝ සමත්විය. ඉන් සිව්දෙනකුම ලකුණු ලබාගැනීමට පෙර දැවීයාම කැපීපෙනෙන සිදුවීමක් විය.

චෙන්නායි පිල වෙනුවෙන් අශීෂ් නෙහෙරා, මෝහිත් ශර්මා, පවන් නේගි සහ සුරේෂ් රයිනා කඩුලූ 2 බැගින් දවාගත්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර්කිංස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 182 ක් ලබාගත්තේය.

එහිදී වේගවත් පිතිහරඹයක නිරතවූ ඞ්වේන් බ‍්‍රාවෝ පන්දු 39 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 67 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය.

ලකුණු 41 කට කඩුලූ 3 ක් දැවී තිබූ අවස්ථවේ ෆෆ් ඩුප්ලෙසි (46) සමග එක්වූ බ‍්‍රාවෝ සිව්වැනි කඩුල්ලට පන්දු 46 කදී ලකුණු 65 ක සමබන්ධතාවක් ගොඩ නගමින් චෙන්නායි පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

දක්ෂ පන්දු යැවීමක නියරවූ පර්වින්දර් අවානා  ඕවර 4 ක් යවමින් ලකුණු 30 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනූ කිංග්ස් XI, පන්ජාබ් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා චෙන්නායි සුපර්කිංග්ස් පිලට ආරාධනා කර සිටියේය.

 

චෙන්නායි සුපර්කිංග්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 182
(ඞ්වේන් ස්මිත් 14, ෆෆ් ඩුප්ලෙසි 46, ඞ්වේන් බ‍්‍රවෝ 67, රවින්ද්‍ර ජඬේජා නොදැවී 27, පර්වින්දර් අවානා 30/4, අක්ෂර් පටේල් 30/2

කිංග්ස් XI, පන්ජාබ් පිල -  ඕවර 18.2 කදී සියලූ දෙනා දැවී 117
(මනන් වෝරා 16, ඬේවිඞ් මිලර් 22, අක්ෂර් පටේල් 31, කරන්වීර් සිං නොදැවී 17, අනුරීට් සිං 16, අශීෂ් නෙහෙරා 9/2, මෝහිත් ශර්මා 14/2, සුරේෂ් රයිනා 10/2, පවන් නේගි 28/2)

 

- 036


අදහස් (0)

බ‍්‍රාවෝ චෙන්නායි පිල අවසන් තරගයට ගෙනයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.