Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරගාවලි සඳහා තරග තීරකවරුන් ලෙස ශ්‍රී ලංකාවේ රන්ජන් මඩුගල්ල සහ ඉන්දියාවේ ජවගල් ශ්‍රීනාත් යන මහත්වරුන් පත්කර ඇත.
ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා තරග තීරකවරයා ලෙස රන්ජන් මඩුගල්ල මහතා කටයුතු කරයි. තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තීරකවරයා ලෙස ජවගල් ශ්‍රීනාත් මහතා පත්කර ඇත.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම විනිසුරු මණ්ඩලයේ සාමාජික කුමාර් ධර්මසේන, අයි.සී.සී විනිසුරුවන් වන රුචිර පල්ලියගුරු, රවින්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරුන් එක්දින සහ විස්සයි20 ජාත්‍යන්තර තරග සඳහා නම් කර ඇත.
ටෙස්ට් තරගාවලිය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම විනිසුරු මණ්ඩලයේ සාමාජිකයන් වන කුමාර් ධර්මසේන, මයිකල් ගෆ්, නිතින් මෙනන් යන මහත්වරුන් සමග අයි.සී.සී විනිසුරුවන් වන රුචිර පල්ලියගුරු සහ ලින්ඩන් හැනිබල් යන මහත්වරුන් පත්කර ඇත.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමගින් රටවල් අතර ගමනා ගමනයට සම්බාධක පැනවීම හේතුවෙන් තරගාවලිය පැවැත්වෙන රටේ තීරකවරුන් සහ විනිසුරුවන් යොදා ගැනීමට අවසර හිමිවුණි. නමුත් සමහර තරගාවලියන්හිදී විනිසුරුවන් ලබාදුන් මතභේදාත්මක තීරණ හේතුවෙන් ටෙස්ට් තරග සඳහා පමණක් වෙනත් රටකින් තීරකවරුන් සහ විනිසුරුවන් නැවතත් යොදා ගැනීමට මේ වසර මුලදී පැවැති අයි.සි.සී අධ්‍යක්‍ෂකවරුන්ගේ රැස්විමකදී තීරණය කරන ලදී.
එක්දින සහ විස්සයි20 තරගා සඳහා මෙම තීරණයේ බලපෑමක් සිදුනොවූ අතර ඒ සඳහා දේශීය තීරකවරුන් සහ විනිසුරුවන් යොදා ගැනීමේ අවස්ථාව තවදුරටත් හිමිවේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.