Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව බැංගලෝර්හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ඊයේ (17 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 227 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 218 ක් පමණි. තුෂාර් දේෂ්පාණඩේ ලකුණු 45 කට කඩුලු 3 ක්ද, මතීෂ පතිරණ ලකුණු 42 කට කඩුලු 2 ක්ද දවාගනිමින් බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
තරගය ජය ගැනීමට සඳහා අවසන් ඕවර 3 ට ලකුණු 35 ක් අවශ්‍ය වූ නමුත් කඩුල්ලක්ද දවාගනිමින් 17 වැනි ඕවරය ලකුණු 4 කට සීමා කිරීමට මතීෂ පතිරණ සමත් විය. ඉන් නොනැවතුණ ඔහු, ලකුණු 19 ක් රැස්කළ යුතුව තිබූ අවසන් ඕවරය කඩුල්ලක් දවාගනිමින් ලකුණු 10 කට සීමා කළේ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යමිනි.
මුල් කඩුලු 2 ලකුණු 15 ක් තුළ බිඳවැටී තිබූ අවස්ථාවක තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක ෆෆ් ඩුප්ලෙසි (62) සහ ග්ලේන් මැක්ස්වෙල් (76) සමත් වුවද, බැංගලෝර් කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීමට ඔවුන්ට නොහැකි වූහ.
පන්දු 33 කදී වාර්තා වූ ඩුප්ලෙසිගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 36 කදී වාර්තා වූ මැක්ස්වෙල්ගේ ඉනිම හයේ පහර 8 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. දිනේෂ් කාර්තික් පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 28 ක් රැස්කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 226 ක් රැස්කළේය. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ පන්දු 45 කින් ලකුණු 83 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.
දෙවැනි කඩුල්ල වෙනුවෙන් අජින්ක්‍යා රහනේ (37) සමග එක්ව පන්දු 43 කදී ලකුණු 74 ක් එක් කළ කොන්වේ, ඉන් නොනැවතී තෙවැනි කඩුල්ල වෙනුවෙන් ශිවම් ඩූබේ (52) සමග එක්ව පන්දු 37 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් චෙන්නායි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 226
(ඩෙවෝන් කොන්වේ 83, අජින්ක්‍යා රහනේ 37, ශිවම් ඩූබේ 52, මුයින් අලී නොදැවී 19)
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 8 කට 218
(ෆෆ් ඩුප්ලෙසි 62, ග්ලේන් මැක්ස්වෙල් 76, දිනේෂ් කාර්තික් 28, සුයෂ් ප්‍රභූදේසායි 19, තුෂාර් දේෂ්පාණ්ඩේ 45/3, මතීෂ පතිරණ 42/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.