Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මතීෂ පතිරණට කෝටි 45 ක්
අයි.පී.එල්. - 2025

මතීෂ පතිරණට කෝටි 45 ක්

editorial - 2024 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2025 දී පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසියට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් රඳවාගනු ලබන ක්‍රීඩකයන් පස්දෙනා අතරට ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණත් එක්වී තිබේ. ඒ වෙනුවෙන් ඔහුට හිමිවන මුදල ඉන්දීය රුපියල් කෝටි 13 කි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 45 ඉක්මයි. 

ඉන්දීය රුපියලක වත්මන් වටිනාකම වන රුපියල් 3.48 ක අගය හා සැසඳීමේදී මතීෂ පතිරණ වෙනුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණඩායම විසින් වෙන්කරනු ලැබ ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 45.24 ක් හෙවත් රුපියල් මිලියන 452 කි. 

අයි.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත නමුත් එය කොතැනදී පැවැත්වෙන්නේද යන්න තවමත් නිශ්චිත වශයෙන් නිවේදනය කර නැත. කෙසේ වෙතත් ක්‍රීඩක වෙන්දේසියට පෙර තම තමන් විසින් රඳවාගනු ලබන ක්‍රීඩකයන් කවුරුන්ද යන්න කණ්ඩායම් විසින් නිවේදනය කළ යුතුව තිබේ. 
චෙන්නායි සුපර් කිංග්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ තවත් ශ්‍රී ලාංකිකයකු වන මහීෂ් තීක්‍ෂණ වෙන්දේසිය සඳහා නිදහස් කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කර ඇත. 

එක කණ්ඩායමකට උපරිම වශයෙන් ක්‍රීඩකයන් 6 දෙනකු රඳවාගත හැකි අතර ඔවුන්ගෙන් පස් දෙනෙක් හිටපු ක්‍රීඩකයන් විය යුතුය. මතීෂ පතිරණ හැරුණු විට, රුතුරාජ් ගයික්වාඩ් (ඉන්දීය රුපියල් කෝටි 18 යි), රවීන්ද්‍ර ජදේජා (ඉන්දීය රුපියල් කෝටි 18 යි), ෂිවම් ඩුබේ (ඉන්දීය රුපියල් කෝටි 12 යි) සහ මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දීය රුපියල් කෝටි 4 යි) චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් රඳවාගන්නා ලද සෙසු ක්‍රීඩකයෝ වෙති. 

අයි.පී.එල්. තරගාවලියේදී කණ්ඩායම් 10 විසින්ම රඳවාගන්නා ලද ක්‍රීඩකයන්ට කරනු ලබන ගෙවීම් අතර මතීෂ පතිරණට 21 වැනි ස්ථානය හිමිවේ. වැඩිම මුදලක් ගෙවා රඳවාගන්නා ක්‍රීඩකයා වන්නේ දකුණු අප්‍රිකානු ජාතික හෙන්රික් ක්ලාසන්ය. සන්රයිසස් හයිද්‍රාබාද් පිල විසින් ඔහුට ගෙවනු  ලබන මුදල ඉන්දීය රුපියල් කෝටි 23 ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 80 කි. 

- 213


අදහස් (0)

මතීෂ පතිරණට කෝටි 45 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.