Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මධුෂ්ක - රත්නායක දෙදෙනාගේ ගමන ස්ථිරයි

මධුෂ්ක - රත්නායක දෙදෙනාගේ ගමන ස්ථිරයි

editorial - 2023 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නිශාන් මධුෂ්ක සහ මිලාන් රත්නායක ඇතුළත් කර සිටිති.

පසුගියදා එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව පැවැති සිව්දින ටෙස්ට් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ නිශාන් මධුෂ්ක ලයන්ස් පන්දු යවන්නන් හමුවේ පිට පිටම පැවැති තරග තුනකදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 514 කි. මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක්වන බව පසුගිය 12 වැනිදා (මධුෂ්ක - රත්නායක ටෙස්ට් සංචිතයට) වාර්තා කරන ලද අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 24 වැනිදා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයෙන් එය ස්ථිර කර තිබේ.

නවසීලන්ත සංචාරය සඳහා වමත් දඟ පන්දු යවන්නන් තිදෙනකු ගැන සලකා බලන ලද නමුත් ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම දෙදෙනාටම එම අවස්ථාව අහිමි වී තිබේ. ටෙස්ට් තරග 3 කදී කඩුලු 29 ක් දවාගත් ප්‍රභාත් ජයසූරිය නවසීලන්ත සංචාරය එක්ව ඇතත් ඒ ඔහුගේ පැරණි දස්කම් අනුව කරන ලද තෝරා ගැනීමකි. මේ දිනවල පැවැත්වෙන ජාතික සුපිරි ලීග් (පළමු පෙළ) තරගාවලියේ තරග 3 කදී ප්‍රභාත් ජයසූරිය දවාගෙන ඇත්තේ කඩුලු 3 ක් පමණි.

ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් තරගාවලියක් වන ශ්‍රී ලංකා - නවසීලන්ත තරගාවලිය ටෙස්ට් තරඟ දෙකකින් සමන්විතය. පෙබරවාරි 27 වැනිදා දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණාරත්න නායකත්වය දෙනු ඇත.


නවසීලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, නිශාන් මධුෂ්ක, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, චාමික කරුණාරත්න, කසුන් රාජිත, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක.

- 213


අදහස් (0)

මධුෂ්ක - රත්නායක දෙදෙනාගේ ගමන ස්ථිරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.