Last Update  :  2025-03-17 11:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මනුරංගට - කපිලට වූෂූ තහනම්

මනුරංගට - කපිලට වූෂූ තහනම්

editorial - 2023 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හිටපු වූෂූ ක්‍රීඩකයකු මෙන්ම පුහුණුකරුවකු ද වූ පී. මනුරංග මහතාට ජීවිතාන්තය දක්වා වූෂූ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය තීරණය කර තිබේ. එමෙන්ම හිටපු ජාතික වූෂූ (සන්දා) පුහුණුකරුවකු වූ කපිල සභාපති මහතාට ද වසර 20 ක වූෂූ තහනමක් පනවා තිබේ. 

මේ දෙදෙනාම 2021 දෙසැම්බර් මස 06 වැනිදා සිට තාවකාළික වූෂූ තහනමක් පනවා තිබිණ. පසුව දෙදෙනා සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්‍ෂණයක් පැවැති අතර එහි වාර්තාව ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයට ඉදිරිපත් කරනු ලැබිණ.

එහිදී වූෂූ ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සඳහා අනවසර රැස්වීමක් පවත්වා සම්මේලනය විවේචනය කිරීම, එම රැස්වීමේදී සම්මේලනයේ නිලධාරීන්ට අපහාස කිරීම සහ අපහාසාත්මක කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්කිරීම ආදී චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පී. මනුරංග සහ කපිල සභාපති යන පුහුණුකරුවෝ දෙදෙනාම වරදකරුවෝ වූහ.

පසුගිය ඉරිදා (19 වැනිදා) රැස්වූ ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ විධායක සභාවේ ඒකමතික තරණයක් අනුව පී. මනුරංග මහතාට ජීවිතාන්තය දක්වාත්, කපිල සභාපති මහතාට වසර 20 ක කාලයක් සඳහාත් වූෂූ ක්‍රීඩාවේ යෙදීම හෝ පුහුණුකිරීම් කටයුතු කිරීම තහනම් කරන ලද බව වූෂූ සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා කියයි. 

පුහුණුකරු මනුරංග මහතා විසින් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත කරන ලද පැමිණිලි තුනක් සම්බන්ධයෙන් ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පරීක්‍ෂණ පැවැත්වූවද එම චෝදනා ඔප්පු කළ නොහැකි විය. 


අදහස් (0)

මනුරංගට - කපිලට වූෂූ තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.