Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියා පිලේ නිත්‍ය නායක මයිකල් ක්ලාක්, ලෝක කුසලාන තරගාවලියේදී නැවතත් කණ්ඩායම එක්වන්නේ නම් ඔහුට තම පූර්ණ සහයෝගය ලබා දෙන බව ඕස්ටේ‍්‍රලියා පිලේ පුහුණුකරු ඩැරන් ලීමන් මහතා කියා සිටියි.
කලවා ප‍්‍රදේශයේ හටගත් අබාධ තත්ත්වයක් සහ දිගු කලක සිට පවතින කොන්දේ වේදනාව නිසා ඉන්දියාව සමග පැවැති තරගාවලිය අතරතුර ක්ලාක්ට සැත්කමකට මුහුණ දීමට සිදුවිය. ඉන් පසුව කණ්ඩායමෙන් ඉවත් වී විවේක සුවයෙන් පසුවූ ඔහු නැවතත් ලෝක කුසලාන තරගාවලියේදී සිය කණ්ඩායම නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වෙයි.
යම් හෙයකින් ක්ලාක් නැවතත් කණ්ඩායමට එක් වූවහොත් ඔහු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත්දැයි මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලීමන් කියා සිටියේ ”අනිවාර්යෙන්ම ඔව්, ”ඔහු දැනටමත් නියමිත කාලසටහනට වඩා ඉදිරියෙන් යන්නේ”
ඕස්ටේ‍්‍රලියා කි‍්‍රකට් පාලක මණ්ඩලය පවසන පරිදි ඔවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්ලාක්ට සිය ශාරීරික යෝග්‍යතාව ඔප්පුකර පෙන්වීමට පෙබරවාරි මස 21 වැනිදා දක්වා අවස්ථාව දී තිබේ.
බංග්ලාදේශ පිලට එරෙහිව බ‍්‍රහස්පතින්දා (5 වැනිදා) පැවැත්වෙන පුහුණු තරගයේදී ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල නියෝජනය කිරීමට සූදානම් වන මයිකල් ක්ලාක් එම තරගයේදී පිතිහරඹයට සහ ආරක්‍ෂාකාරී ස්ථාන වල පන්දු රැුකීමට පමණක් යෙදවෙනු ඇත.
තරගයට පෙර දිනය වූ අද පෙරවරුවේදී තරුණ කී‍්‍රඩකයන් සමග පහසුවෙන් එහා මෙහා ගිය ක්ලාක් පසුගිය සඳුදා පැවසුවේ ඕස්ටේ‍්‍රලියානු පිලේ වත්මන් නායක ස්ටීවන් ස්මිත් යටතේ වුවත් ලෝක කුසලාන තරගාවලියේදී කී‍්‍රඩා කිරීමට තමන් සූදානම් බවයි.
මාධ්‍ය වර්තා කරන්නේ ලෝක කුසලාන තරගාවලියේදී ස්ටීවන් ස්මිත් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන්නේ නම් කී‍්‍රඩකයන් වැඩි කැමැත්තක් දක්වන බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.