Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර හෙට (28 වැනිදා) නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවර ඊඞ්න් ගාර්ඞ්න්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගය සඳහා සහභාගි වීමට ඕස්ටේ‍්‍රලියානු පිලේ නිත්‍ය නායක මයිකල් ක්ලාක් සූදානමින් සිටී. ලෝක කුසලාන තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ඉතාමත් වැදගත් තරගයක් වන මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම බොහෝ දුරට ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානය ගනු ඇතැයි අනුමාන කෙරේ.
මාස තුනක පමණ කාලයක සිට, පාදයේ කලව පසුපස මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටි ඕස්ටේ‍්‍රලියානු නායකයා බංග්ලාදේශයට එරෙහිව බි‍්‍රස්බේන් නුවරදී පැවැති තරගයේදී නැවතත් කණ්ඩායමට එක්වීමේ උවමනාවෙන් සිටියද එම තරගයට වර්ෂාව හරස් වීම නිසා තරගයේ එකම පන්දුවක් හෝ නොයවා තරගය අතහැර දමන ලදි.
ඕක්ලන්ඞ් නුවර ඊඞ්න් ගාර්ඞ්න්ස් කී‍්‍රඩාංගණයටද අද සවස වර්ෂාව පැවැති නමුත් මයිකල් ක්ලාක්ගේ සැලසුම් මේ වතාවේදී වතුරේ යන එකක් නැතැයි කාලගුණ විශේෂඥයෝ කියති.
”මම මේ තරගයට සහභාගි වෙන්න හොඳ සූදානමකින් ඉන්නේ”
”මා ඒ වෙනුවෙන් බොහෝ වෙහෙස වී කටයුතු කළා. ඒ නිසා මට නැවතත් නියමිත සුවය ලබාගෙන මේ කණ්ඩායමට එක්වීමේ අවස්ථාව ලැබුණා” යයි මයිකල් ක්ලාක් ඊයේ (27 වැනිදා) ඕක්ලන්ඞ් නුවරදී මාධ්‍යවේදීන්ට පවසා තිබිණ.
”කොහොම වුණත් මා තරගයේදී අඩුවෙන් කී‍්‍රඩා කරන්නේ නෑ. මගේ උපරිමයට කී‍්‍රඩා කරනවා....ඒ නිසා මා නැවත තුවාල නොලබාවි කියා කිසිම සහතිකයක් දෙන්නත් බෑ” යයිද ඕස්ටේ‍්‍රලියානු නායකයා වැඩිදුරටත් පවසා තිබිණ.
බංග්ලාදේශ පිලට එරෙහිව මෙන් නොව, මෙම තරගයේදී ක්ලාක්ට මුහුණ දීමට සිදුවන්නේ මේ වන ලෝක කුසලාන තරගාවලියේ හොඳම දස්කම් පෙන්වමින් සිටින නවසීලන්ත පිලටය. නවසීලන්ත කණ්ඩායම මේ වන විට සහභාගි වූ තරග තුනම ඉතාමත් පහසුවෙන් ජයගනිමින් ප‍්‍රසාද ලකුණු 6 ක් ලබා සිටී.
යම් හෙයකින් මෙම තරගයේදී ක්ලාක් අසාර්ථක වුවහොත් සහ ඕස්ටේ‍්‍රලියාව පරාජය වුවහොත් ක්ලාක්ගේ කෑදරකම නිසා ඕස්ටේ‍්‍රලියාව පරාජය වූයේ යයි යන චෝදනාවට මුහුණ දීමටද ක්ලාක්ට සිදුවෙයි. ඕස්ටේ‍්‍රලියානුවෝ මේ වන විටත් එවැනි වදන් කියමින් සිටිති.
ඒ අතරම මෙම තරගයේදී ක්ලාක්ගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මෙම ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග වලදීද ක්ලාක්ගේ ස්ථානය පිළිබඳ තීරණාත්මක සාධකයකි. වෘත්තීමය කටයුතු වලදී ඕස්ටේ‍්‍රලියානුවෝ ජ්‍යෙෂ්ඨත්වය නොසලකති.
මෙම තරගය පැවැත්වෙන්නේත් නවසීලන්තයේ විශාලතම කී‍්‍රඩාංගණය ලෙස සැලකෙන, ඊඞ්න් කන්ද පාමුල පිහිටි, ඊඞ්න් උද්‍යාන කී‍්‍රඩාංගණයේදීය. තරගයේ ප‍්‍රවේශපත් වලින් 80% ක ප‍්‍රමාණයක් මේ වන විටත් අළෙවි වී තිබෙන බවත් අනුග‍්‍රාහකයන්ගේ ප‍්‍රවේශපත් පවා උණු කැවුම් මෙන් අවසන් වූ බවත් දැනගන්නට තිබේ.
මේ අතර ක්ලාක්ගේ පැමිණීම නිසා ඕස්ටේ‍්‍රලියානු පිලේ 11 දෙනා තෝරාගැනීම මහත් ගැටළුවක් වී තිබෙන බවත් අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.