Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනාම විදුහලට ඉනිමක ජයක්

මහනාම විදුහලට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2019 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 67 ක ජයක් ලබාගැනීමට කොළඹ මහනාම විද්‍යාලය අද (1 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටුව වේල්ස් කුමර විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මහනාම විද්‍යාලය වෙනුවෙන් පවන්ත වීරසිංහ (62) සහ විනුක රූබසිංහ (60) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර සොනාල් ගමගේ කඩුලු 7 ක් සහ අචින්ත සුපුන් කඩුලු 6 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කෞමාල් නානායක්කාර කඩුලු 5 ක් දවාගනිමින් වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

වේල්ස් කුමර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 33.5 කදී සියලුදෙනා දැවී ලකුණු 77
(දේවක පිරීස් නොදැවී 34, අචින්ත සුපුන් 09/3, රොෂේන් පෙරේරා 13/3, පවන්ත වීරසිංහ 11/2)

මහනාම විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 56.4 කදී සියලුදෙනා දැවී ලකුණු 211
(පවන්ත වීරසිංහ 62, විනුක රූබසිංහ 60, පවන් රත්නායක 26, සොනාල් ගමගේ 22, කෞමාල් නානායක්කාර 70/5, ලක්ෂාන් පෙරේරා 27/2, සුවත් මෙන්ඩිස් 49/2)

වේල්ස් කුමර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 29.1 කදී සියලුදෙනා දැවී ලකුණු 67
(ප්‍රින්ස් ප්‍රනාන්දු 23, සොනාල් ගමගේ 31/7, අචින්ත සුපුන් 10/3)


අදහස් (0)

මහනාම විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.