Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රීමා යොවුන් ලීග එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර කණ්ඩායම අද (5 වැනිදා) සමත් විය. ඒ දෙවැනි අවසන් පූර්ව තරගයේදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක ජයක් ලබමිනි.
කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය මහනුවර ක්‍රීඩකයෝ ඕවර 31.2 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ඉලක්කය සපුරා ගත්හ. දක්ෂ පිතිහරඹයක නිරත වූ යෙනුල හේවාවිතාරණ පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 29 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ආරම්භක පිතිකරුවන් වූ චනුත් ජයසිංහආරච්චි පන්දු 45 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 48 ක්ද, චනුල් කොඩිතුවක්කු පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 38 ක්ද රැස්කරමින් මහනුවර කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ. ඔවුන් දෙදෙනා එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 85 කි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඕවර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 153 ක් ලබාගත් අතර දඹුල්ල කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ චමෝද් ප්‍රභාෂ පන්දු 54 කින් ලකුණු 39 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. අකේන් සුජායන පන්දු 78 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 38 ක් රැස්කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ චෙනුල් කොඩිතුවක්කු නිලකුණු ඕවරයක් සමග ඕවර 9 ක් යවමින් ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගත් අතර දඹුල්ල පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් සනිතු ගුණතිලක, කුසල් බණ්ඩාර සහ සචින්ත ගුණසේකර කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ.
දඹුල්ල පිල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 153
(අකේන් සුජායන 38, අමල් පෙරේරා 26, චමෝද් ප්‍රභාෂ 39, චනුල් කොඩිතුවක්කු 29/3, සනිතු ගුණතිලක 11/2, කුසල් බණ්ඩාර 28/2, සචින්ත ගුණසේකර 34/2)
මහනුවර පිල - ඕවර 31.2 කදී කඩුලු 8 ක් දැවී 154
(චනුත් ජයසිංහආරච්චි 48, චනුල් කොඩිතුවක්කු 38, යෙනුල හේවාවිතරණ නොදැවී 29, යුමාල් එගොඩගේ 33/5, අමල් පෙරේරා 35/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.