Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහමුද්ගෙන් පන්දු 13 කදී ලකුණු 56 ක්

මහමුද්ගෙන් පන්දු 13 කදී ලකුණු 56 ක්

editorial - 2021 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වේන් පානෙල්ගේ (05/3) විශිෂ්ඨ පන්දු යැවීමට පසුව වසිම් මහමුද් කළ ප්‍රචණ්ඩකාරී පිතිහරඹය හේතුවෙන් අබුඩාබි දහයයි-10 තරගාවලියේ සුපර් ලීග් වටයේ තරගයකදී පුනේ ඩෙවිල්ස් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට නොදර්න් වොරියර්ස් පිල සමත්විය.

වසීම් මුහම්මද් පන්දු 13 කදී (4,6,4,1,6,0,6,6,4,6,6,1,6) හයේ පහර 7 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 56 ක් ලබාගත්තේ 2018 වසරේදී මොහොමඩ් ශෙෂාඩ් විසින් පන්දු 12 කදී අර්ධ ශතකය ලබාගනිමින් තබා තිබූ වේගවත්ම 10-10 අර්ධ ශතකයේ වාර්තාව සමකරමිනි. එහෙත් මඳ වේලාවකට පසුව එම වාර්තාවට ක්‍රිස් ගේල්ද එකතු විය.

පුනේ ඩෙවිල්ස් - ඕවර 10 කදී කඩුලු 8 ක් දැවී 97
(ටොම් කෝහ්ලර් කැඩ්මෝ 20, ඇලෙක්ස් ඩේවිස් 18, කෙනාර් ලුවිස් 24, නසීර් හුසේන් නොදැවී 27, වේන් පානෙල් 05/3, වහබ් රියාස් 20/2, රයාඩ් එම්රිට් 14/, ෆේබියන් ඇලන් 20/1)

නොදර්න් වොරියර්ස් - ඕවර 4.3 කදී කඩුලු 2 ක් දැවී 98
(බ්‍රැන්ඩන් කිංග් 20, වසීම් මුහම්මද් නොදැවී 56, සෑම් විසිනිවුස්කි 14/2)

- 2079


අදහස් (0)

මහමුද්ගෙන් පන්දු 13 කදී ලකුණු 56 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.