Last Update  :  2025-03-12 12:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහින්ද විදුහලත් අවසන් පූර්ව වටයට
පාසල් ක්‍රිකට්

මහින්ද විදුහලත් අවසන් පූර්ව වටයට

editorial - 2025 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ගාල්ල මහින්ද විදුහල ඊයේ (9 වැනිදා) සමත් විය. 

මොණරාගල දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පානදුර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී මුල් ඉනිමේ ජයක් වාර්තා කරමින් මහින්ද විදුහල් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 252 ක ඉලක්කයක් හඹා යමින් සිටි මහින්ද විදුහල, තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 217 ක් ලබා ජයග්‍රහණයට තවත් ලකුණු 35 ක් පසුපසින් සිටියහ. 

මෙම තරගයේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එක සේ දක්ම් දැක්වූ මහින්ද විදුහලේ සහන්ජිත් සමදිත් ඉනිම් දෙකේදීම ලකුණු 105 ක් රැස්කරමින් කඩුලු 6 ක් බිඳහෙළීමට සමත් විය. ශ්‍රී සුමංගල විදුහලේ රුසිත් ජයවර්ධන ලකුණු 118 කට කඩුලු 11 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 


මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 84.4 කදී සියලු දෙනා දැවී 217 
(තෙවිඳු රෂ්මික 33, දුල්සිත් දර්ශන 67, සහන්ජිත් සමදිත් 23, මනිත රාජපක්ෂ 60, රුසිත් ජයවර්ධන 65/6, බිහඟ සිල්වා 26/2) 

ශ්‍රී සුමංගල විදුහල් පළමු ඉනිම - ඕවර 57.3 කදී සියලු දෙනා දැවී 148 
(නේක්ෂ ඉද්දමල්ගොඩ 35, අකිල වෙදමුල්ල 38, සෙනිර විජේගුණසිංහ 22, සහන්ජිත් සමදිත් 20/3, සදෙව් නෙත්මිණ 23/2, අරෝෂ උදයංග 23/2, සෙනුක දංගමුව 39/2) 

මහින්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 51.2 කදී සියලු දෙනා දැවී 182 
(රන්දුල මබරණ 25, මනිත රාජපක්ෂ 24, සහන්ජිත් සමදිත් 82, රුසිත් ජයවර්ධන 53/5, සදෙව් හෙට්ටිආරච්චි 47/3) 

ශ්‍රී සුමංගල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 45 කදී කඩුලු 8 ක් දැවී 217 
(සන්දීප විජේරත්න 27, සදික හේවගේ 18, දුරන්ක සිල්වා 22, අකිල වෙදමුල්ල නොදැවී 41, සෙනිර විජේගුණසිංහ 61, සහන්ජිත් සමදිත් 72/3, කවීන් රුක්ෂාන් 31/2, අරෝෂ උදයංග 61/2) 


අදහස් (0)

මහින්ද විදුහලත් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.