Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහේලට 3 වැනි තැනට එයි

මහේලට 3 වැනි තැනට එයි

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

ලීඞ්ස්හි හෙඩිංග්ලි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (22 වැනිදා) කි‍්‍රස් ජෝර්ඞ්න්ගේ උඩපන්දුව රැකගැනීමත් සමගින් ටෙස්ට් තරග වලදී වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් රැුකගෙන ඇති කී‍්‍රඩකයන්ගේ ලයිස්තුවේ තුන්වැනි ස්ථානයට පැමිණීමට මහේල ජයවර්ධනට හැකිවිය.

මහේල සහ  ඕස්ටේ‍්‍රලියාවේ රිකී පොන්ටින් උඩපන්දු 196 බැගින් රැකගෙන ඇති නමුත් පොන්ටින් ඒ සඳහා තරග 168 කට සහභාගිවී ඇති අතර මහේල මේ සහභාගි වෙමින් සිටින්නේ තමන්ගේ 145 වැනි ටෙස්ට් තරගයටයි.

රාහුල් ද්‍රාවිඞ් (ඉන්දියාව) සහ ජැක් කලිස් (දකුණු අපි‍්‍රකාව) වැඩිම ටෙස්ට් උඩපන්දු සංඛ්‍යාවක් රැකගෙන ඇති කී‍්‍රඩකයන් අතර මහේලට සහ පෙන්ටින්ට ඉහළින් රැදීසිටින කී‍්‍රඩකයෝ වෙති. ද්‍රාවිඞ් තරග 164 කදී උඩපන්දු 210 ක් රැකගෙන ඇති අතර කලිස් තරග 166 කදී උඩපන්දු 200 ක් රැකගෙන තිබේ.

වැඩිම ටෙස්ට් උඩපන්දු ලබාගත් කී‍්‍රඩකයන් අතරේ හොඳම පන්දු රැකීමේ සමාන්‍යය සතු කී‍්‍රඩකයා වන්නේද මහේල ජයවර්ධනයි.

රාහුල් ද්‍රාවිඞ් ටෙස්ට් ඉනිම 100 කදී රැකගන්නා ලද උඩපන්දු සංඛ්‍යාව 69.7 ක් වන අතර ජැක් කලිස් ඉනිම 100 කින් උඩපන්දු 63.4 ක්ද රිකී පොන්ටිං ඉනිම 100 කදී උඩපන්දු 59.7 ක් රැකගන්නා අතරේ මහේල ජයවර්ධන ඉනිම 100 කදී උඩපන්දු 75 ක් රැකගෙන තිබේ. එයද දග පන්දු යවන්නන්ගෙන් ගහණ ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් කී‍්‍රඩා කරමින් කඩුල්ලට වඩාත් ආසන්නයෙන් පන්දු රකිමිනි.


- 036

 


අදහස් (4)

මහේලට 3 වැනි තැනට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.