Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රිකට් සමාජයක් වන සිංහල ක්‍රීඩා සමාජයේ (එස්.එස්.සී.) ක්‍රිකට් කමිටු සභාපති ධුරයට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා පත්කර තිබේ.
එම ක්‍රීඩා සමාජ ක්‍රිකට් වාර්ෂික ක්‍රිකට් සභා රැස්වීම පසුගියදා පැවැති අතර එහිදී මහේල මහතා එම ධූරයට පත්කර තිබේ.
මහේල ජයවර්ධන 1995 වසරේ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයෙන් පළමු පෙළ ක්‍රිකට් පිටියට පිවිස වසර 20 කට වැඩි කාලයක් අඛණ්ඩව එම ක්‍රීඩා සමාජය නියෝජනය කළේය.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන්ම සිටින මහේල මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රිකට් කමිටුවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කළ අතර ඒ මහතා ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී (අයි.පී.එල්.) මුම්බායි ඉන්දියන්ස් පිලේ පුහුණුකරු ලෙස ද කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.