Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහ සභා රැස්වීමට විරෝධතා

මහ සභා රැස්වීමට විරෝධතා

යොහාන් භාසුර - 2020 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් එම  සංගමයේ වාර්ෂික මහ සභාව සහ නිලවරණය හෙට (12 වැනිදා) පැවැත්වීමට විරෝධය දක්වමින් මහ සභාව නැවත කැඳවන ලෙස ඉල්ලා විදුහල්පතිවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිත පැමිණිල්ලක් යොමු කර තිබේ. වාර්ෂික මහ සභාව සහ නිලවරණය හෙට පැවැත්වීමෙන් එම සංගමයේ ව්‍යස්ථාවේ 22.3, 22.4 සහ 22.5 යන වගන්ති උල්ලංඝනය වන බව එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.

පාසල් ක්‍රිකට් සංගමයේ වාර්ෂික මහ සභාව මේ මස 12 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වෙන බවට සාමාජික පාසල්වලට මේ මස 2 වැනිදා ලිපි ලැබී ඇති බවත් එම ලිපි ලැබුණේ රැස්වීමට දින 10 කට පෙර බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.

ව්‍යවස්ථාවට අනුව මහා සභා රැස්වීම කැඳවීමට කටයුතු කරන ලෙස එම විදුහල්පති ඉල්ලා සිටිති. එසේ නොවුණ හොත් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පසු බට නොවන බවත් එම ලිපියට අත්සන් තැබූ විදුහල්පතිවරයෙක් පැවසීය.

පාසල් ක්‍රිකට් ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වේ.

● 22.3 - වාර්ෂික මහා සභා රැස්වීමට යටත් පිරිසයින් දින 21 කට කලින් ඒ බව සියළු සාමාජිකයන්ට හා ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාවට දැනුම් දිය යුතුය.
● 22.4 - රැස්වීම පිළිබඳව නිවේදනයෙන් දින 07 ක් ඇතුළත සාමාජිකයන් විසින් තමන් විසින් ඉදිරිපත් කිරීමට අදහස් කරන ව්‍යවස්ථා සංශෝධන, යෝජනා හා සාකච්ඡා කළ යුතු කරුණු ලේකම්වරයා වෙත දැනුම්දිය යුතුය.
● 22.5 - සංගමයේ ලේකම්වරයා විසින් විධායක කමිටුව සමඟ සාකච්ඡා කර 22.4 ජේදයේ සඳහන් යෝජනා ද ඇතුළත් න්‍යාය පත්‍රයක් පිළියෙල කොට එය වාර්ෂික මහ සභා රැස්වීම පැවැත්වීමට පෙර සාමාජිකයන්ටත්, ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාවටත් ලැබීමට සැලැස්විය යුතුය.

 


අදහස් (0)

මහ සභා රැස්වීමට විරෝධතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.