Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහින්ද විදුහල පෙරමුණ ගනී

මහින්ද විදුහල පෙරමුණ ගනී

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ මහින්ද විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වූ 114 වැනි ‘ආදරවන්තයින්ගේ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට රිච්මන්ඩ් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 99 ක් ලබා අසීරු තත්ත්වයක පසුවිය.

රිච්මන්ඞ් විදුහල පළමු දිනය අවසන් වන විට කඩුලු හතරක් පමණක් අතැතිව ලකුණු 98 ක් පසු පසින් සිටියේය.  
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ ප්‍රබල පිතිකරුවන් වන නායක තවීෂ අභිෂේක් (06) සහ දිලුම් තිලකරත්න (0) ආසාර්ථක වීමෙන් රිච්මන්ඞ් විදුහල අමාරුවේ වැටුණි.

 කුෂාන් මධූෂ දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 15 කට කඩුලු තුනක් දවාගැනීමෙන් මහින්ද විදුහල පෙරමුණ ඇඳුණේය.

පළමුව පන්දුවට පහර දුන් මහින්ද විදුහල පිල තේ විවේකයට පෙර ලකුණු 197 කට සීමාවිය.

නිපුන් මාලිංග ලකුණු 44 ක් රැස්කරමින් මහින්ද විදුහල පළමු ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා බවට පත්විය.
වමතින් දඟ පන්දු යවන දිලුම් තිලකරත්න දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 49 කට කඩුලු පහක් දවාගැනීමට සමත් විය.

රිච්මන්ඞ් විදුහල් පිලේ නායක තවීෂ අභිෂේක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට මහින්ද විදුහලට ආරාධනා කළේය.

හෙට (16) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.

 

මහින්ද විදුහල පළමු ඉනිම ඕවර 63.3 කදී සියලු දෙනා දැවී 197
(නිපුන් මාලිංග 44, කෞෂිත කොඩිතුවක්කු 36, විනුර දුල්සර 27, නවෝද් පරණවිතාන 26, දිලුම් තිලකරත්න 49/5, සඳුන් මෙන්ඩිස් 53/3, දිමුත් සඳරුවන්  33/2)

රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම ඕවර 33 කදී කඩුලු 6 ට 99
(අදිත්‍ය සිරිවර්ධන 20, සඳුන් මෙන්ඩිස් නොදැවී 20, විනුජ කිරිල්ල නොදැවී 18, කුෂාන් මධූෂ 15/3, අෂින් කණ්ඩම්බි 8/2)


අදහස් (0)

මහින්ද විදුහල පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.