Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මාතලේ හින්දු විදුහල සමත් විය.
පොලොන්නරුව රාජකීය විදුහල් ක්රීඩංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී මඩකලපුව ශාන්ත මයිකල් විදුහලට එරෙහිව පැරබෝලා ක්‍රමයට අනුව කඩුලූ 5 ක ජයක් වාර්තා කරමින් හින්දු විදුහල තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත මයිකල් විදුහල ඕවර 48.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 156 ක් ලබාගත්තේය. එහිදී එස්. සුෂිකරන් ලකුණු 38 ක්ද, ඒ. යතුෂාන් ලකුණු 26 ක්ද, එම්. මතීෂ සහ ජේ. අබිලාෂන් ලකුණු 25 බැගින්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය හින්දු විදුහල ඕවර 25 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 113 ක් ලබා සිටියේය. තරගය නතර කරන විට බී. අභිෂේක් නොදැවී ලකුණු 41 ක් ලබා සිටියේය.
ශාන්ත මයිකල් විදුහල - ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 156
(එස්. සුෂිකරන් 38, ඒ. යතුෂාන් 26, එම්. මතීෂ 25, ජේ. අබිලාෂන් 25, ජී. සුජීවන් 20/3, ජේ. නිමේෂන් 22/3, කේ. සංගීත් 33/2)
හින්දු විදුහල - ඕවර 25 කදී කඩුලූ 5 ක් දැවී 113
(බී. අභිෂේක් නොදැවී 41, එස්. සනෝජ් 20, වී. සතුර්ජනන් 14/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.