Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගය අද (11 වැනිදා) තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල සහ පන්නල ජාතික පාසල අතර කොළඹ නාලන්දා විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
අවසන් මහ තරගයේදී දිනුක සිල්වා විසින් මාරිස්ටෙලා විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර පන්නල ජාතික පාසල් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ඒ.ඞී. මුණසිංහ විසිනි.
මූලික වටයේදී ගම්පොල තක්ෂිලා විදුහල, යක්කල චන්ද්‍රජෝති මහ විදුහල, රාගම බටුවත්ත මහ විදුහල, රාගම බැසිලිකා විදුහල සහ යක්කල යෝක් ජාත්‍යන්තර පාසල පරාජය කළ මාරිස්ටෙලා විදුහල, තමන් කී‍්‍රඩා කළ කාණ්ඩයේ ශූරයන් බවට පත්වෙමින් අවසන් වටයට පිවිසියේය.
අවසන් වටයේදී ගුරුතලාව ශාන්ත තෝමස් විදුහලත්, වාද්දුව මැදි විදුහලත්, මහරගම ජනාධිපති විදුහලත් පරාජය කරමින් මාරිස්ටෙලා විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදසුකම් ලැබීය. අර්ධ අවසන් පූර්ව වටයේදී වික්‍රමබාහු ජාතික පාසලත්, අවසන් පූර්ව වටයේදී මාතලේ හින්දු විදුහලත් පරාජය කරමින් මාරිස්ටෙලා විදුහල තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසියේය.
මූලික වටයේදී කුලියාපිටිය සෙනරත් මහ විදුහල, කොබෙයිගනේ පරාක්‍රම මහ විදුහල, වාරියපොල ශ්‍රී සුමංගල මැදි විදුහල සහ බිංගිරිය ශ්‍රී සරණංකර මැදි විදුහල පරාජය කරමින් තමන් කී‍්‍රඩා කළ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් පන්නල ජාතික පාසල අවසන් වටයට පිවිසියේය.
අවසන් වටයේදී ගම්පොල ජිනරාජ පිරිමි විදුහලත්, ගාල්ල සියලූ ශාන්තුවරුන්ගේ විදුහලත් පරාජය කරමින් පන්නල ජාතික පාසල අර්ධ අවසන් පූර්ව වටයට සුදසුකම් ලැබීය. අර්ධ අවසන් පූර්ව වටයේදී අම්පර ඞී.එස්. සේනානානයක විදුහලත්, අවසන් පූර්ව වටයේදී කැලණිය ශ්‍රී සුමංගල විදුහලත් පරාජය කරමින් පන්නල ජාතික පාසල තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසියේය.
තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල් කණ්ඩයම
පන්නල ජාතික පාසල් කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.