Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇන්ජලෝ මැතිව්ස්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අබුඩාබි දහයයි-10 ලීගයේ දෙවැනි තරගය ලෙස ඊයේ (28 වැනිදා) ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් මොරිස්විල් සැම්ප් ආමි කණ්ඩායමට එරෙහිව ලකුණු 9 ක තියුණු ජයක් වාර්තා කිරීමට නොදර්න් වොරියර්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 104 ක ඉලක්කයක් හඹාගිය මොරිස්විල් සැම්ප් ආමි කණ්ඩායමට ඕවර 10 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 94 ක් පමණි. තරගය ජය ගැනීම සඳහා මොරිස්විල් ක්‍රීඩකයෝ අවසන් ඕවරයේදී ලකුණු 20 ක් ලබාගත යුතුව තිබූ අතර එම ඕවරය යැවීම සඳහා පැමිණි නායක මැතිව්ස්, කඩුලු ත්‍රිත්වයක්ද දවාගනිමින් එය ලකුණු 10 කට සීමා කළේය.
මොරිස්විල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක මුයින් අලී පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 37 ක් රැස්කළ අතර මැතිව්ස්ගේ කඩුලු ත්‍රිත්වයේ පළමු කඩුල්ල ලෙස ජේම්ස් නීෂම් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය. බැසිල් හමීඞ් (0) සහ කයිස් අහමඞ් (0) මැතිව්ස්ගේ කඩුලු ත්‍රිත්වයේ දෙවැනි සහ තෙවැනි ගොදුරු බවට පත්වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් නොදර්න් වොරියර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 103 ක් ලබාගත් අතර ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි කොලින් මුන්රෝ, පන්දු 15 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 36 ක් රැස්කිරීමට සමත් විය.
නොදර්න් වොරියර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 5 කට 103
(කෙනාර් ලුවිස් 18, හස්රතුල්ලා සසායි 20, කොලින් මුන්රෝ නොදැවී 36, කයිස් අහමඞ් 12/2)
මොරිස්විල් සැම්ප් ආමි පිල - ඕවර 10 කදී කඩුලු 4 කට 94
(ඇන්ඩි්‍රස් ගූස් 15, මුයින් අලී 37, නජිබුල්ලා සද්‍රාන් 13, ඇන්ජලෝ මැතිව්ස් 19/3, අභිමන්‍යු මිතුන් 12/2, ජේම්ස් නීෂම් 19/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.