Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැතිව්ස් - ප‍්‍රසන්න ශී‍්‍ර ලංකාව ඉදිරියට ගෙන යති

මැතිව්ස් - ප‍්‍රසන්න ශී‍්‍ර ලංකාව ඉදිරියට ගෙන යති

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සාජා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (16) ආරම්භ වූ තෙවැනි සහ අවසන් තරගයේ පළමු දිනයේ පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 220 ක් රැස්කර සිටියේය.

ක‍්‍රීඩාව නතර විට ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 24) සහ ප‍්‍රසන්න ජයවර්ධන (නොදැවී 28) හයවැනි කඩුල්ල සදහා ලකුණු 54 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් ශී‍්‍ර ලංකා පිල ස්ථාවර තත්ත්වයකට රැගෙන ඒමට සමත්ව සිටියහ.

අද පස්වරුවේ තණතීරුව දග පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය තත්ත්වයක් පෙන්නුම් කිරීම නිසා දග පන්දු යවන්නන් වන සයිඞ් අජ්මාල් සහ අබ්දුර් රෙහෙමාන් අන්ත දෙකෙන් පන්දු යවමින් ශ‍්‍රී ලංකා පිතිකරුවන් දෙපළට දැඩි පීඩනයක් යොමු කළහ.

මෙම ක‍්‍රීඩාංගණයට පෙරවරුවේ දැඩි හිරු රැස් වැටීම නිසා පස්වරුව වන විට දග පන්දු යවන්නන්ට වඩාත් වාසිදායක තත්ත්වයක් නිර්මාණය වේ.

ශ‍්‍රී ලංකා මුඵ ලකුණු සංඛ්‍යාව 201 ක්ව තිබියදී ප‍්‍රසන්න ජයවර්ධන ලකුණු 19 ක් ලබා සයිඞ් අජ්මාල්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය බවට ප‍්‍රධාන විනිසුරු තීරණය කළ ද විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදයෙන් ප‍්‍රසන්නට තව දුරටත් පන්දුවට පහරදීමේ අවස්ථාව උදාකර දුන්නේය.

උප නායක දිනේෂ් චන්දිමාල් (11) පියවර කීපයක් ඉදිරියට පැමිණ පන්දුවට පහර දෙමින් සිය කඩුල්ල නැවතත් පාකිස්තානයට ප‍්‍රදානය කරමින් ශ‍්‍රී ලංකා පිල දැඩි අපහසුතාවට පත් කළේය.

මහේල ජයවර්ධන තේ විවේකයෙන් පසුව වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 20 කදී ලකුණු 22 ක් රැුස් කිරීමට සමත් විය. කෙසේ වෙතත් සයිඞ් අජ්මාල් යැවූ තේ විවේකයෙන් පසු පස්වැනි  ඕවරයේ අවසන් පන්දුවේදී ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටි අසාර් අලී රැකගත් උඩ පන්දුවත් සමග මහේලගේ ඉනිම ලකුණු 47 කට සීමා විය. මහේලගේ පන්දු 108 ක ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය.

මහේල මේ වන විට ටෙස්ට් තරග 141 කදී ලකුණු 10,987 ක් රැස්කර සිටියි. ටෙස්ට් ලකුණු 11,000 සම්පූර්ණ කළ ශ‍්‍රී ලංකාවේ පළමු ක‍්‍රීඩකයා මෙන්ම ලෝකයේ 8 වැනි ක‍්‍රීඩකයා වීමට මහේල තවත් ලකුණු 13 ක් පමණක් පිටු පසින් සිටියි. මහේල මෙම තරගයට එන විට ලකුණු 11,000 ට  ලකුණු 60 ක් පසු පසින් සිටියේය.

කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන තෙවැනි කඩුල්ල සදහා ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. කුමාර් සංගක්කාර පන්දු 103 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 52 ක් රැස්කර සිටියදී ෂෝට් මිඞ්විකට් ස්ථානයේ පන්දු රකිමින් සිටි කුරාම් මන්ෂූර්ට උඩ පන්දුවක් ලබාදීමෙන් දැවී ගියේය. මෙය සංගක්කාරගේ 44 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

දිමුත් කරුණාරත්න ලකුණු 34 ක් ලබා සිටියදී දිවා විවේකයෙන් පසු සිවුවැනි පන්දුවේදී දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

පළමු තරග දෙකේදී අර්ධ ශතක තුනක් රැුස්කළ කෞෂාල් සිල්වාගේ ඉනිම ලකුණු 17 කට සීමා වෙමින් පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

දෙවැනි ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කළ වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප්ගේ ස්ථානයට ටෙස්ට් පිටියට කෝ`ඩුකාර පිට දග පන්දු යවන ඩිල්රුවන් පෙරේරා කැදවා තිබුණි.

පාකිස්තානු පිලේ වෙනස්කම් තුනක් කරමින් අසාර් අලී, අබ්දුර් රෙහෙමාන් සහ මොහොමඞ් තල්හා කණ්ඩායමට කැදවා සිටි අතර මොහොමඞ් හෆීෂ්, රහට් අලී සහ බිලාවල් භාටි යන ක‍්‍රීඩකයන්ට ස්ථාන අහිමි වූහ.

හෙට (17) තරගයේ දෙවැනි දිනයයි.

ලකුණු පුවරුව


අදහස් (0)

මැතිව්ස් - ප‍්‍රසන්න ශී‍්‍ර ලංකාව ඉදිරියට ගෙන යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.