Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මීගමුව පිල සුපිරි 8 වටයට යෑමේ සටනක

මීගමුව පිල සුපිරි 8 වටයට යෑමේ සටනක

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ හයවැනි සතියේ තරග අද (13 වැනිදා) ආරම්භවූ අතර කෝල්ට්ස් පිලට එරෙහිව තරග කරන මීගමුව පිල සුපිරි 8 වටයට යෑමේ දැඩි උත්සහයක නිරත වෙමින් සිටින්නේය.

මූලික වටයේ තරග මෙම සති අන්තයෙන් අවසන් වන අතර කෝල්ට්ස් පිලට එරෙහිව පැවැත් වෙන තරගයේදී පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබාගත්හොත් මීගමුව පිලට සුපිරි කණ්ඩායම් 8 සහභාගීවන තරගය වටයට සුදුසුකම් ලබාගැනීමට හැකිවනු ඇත.

බී.ආර්.සී පිල ලකුණු 55.25 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවන අතර ප්‍රසාද ලකුණු 44.19 ක් ලබාගත් මීගමුව පිල ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ රැඳී සිටින්නේය.

‘ඒ’ ශ්‍රේණිය යටතේ තරග 3 ක් අද ආරම්භවූ අතර තවත් තරග 2 ක් හෙට (14 වැනිදා) ආරම්භ වීමට නියමිතව ඇත.

මීගමුව පිලේ මාධව වර්ණපුර සහ ලක්ෂිත රසාංජන, එස්.සී.සී පිලේ සඳුන් වීරක්කොඩි සහ චරිත් අසලංක, යුදහමුදා පිලේ ලක්ෂාන් එදිරිසිංහ අද දිනයේදී අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ.

සී.සී.සී පිලේ මාලින්ද පුෂ්පකුමාර යුදහමුදා පිලට එරෙහිව කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


මීගමුව 294, කෝල්ට්ස් 04/1
කෝල්ට්ස් සහ මීගමුව කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
මීගමුව පළමු ඉනිම -  සියලුදෙනා දැවී 294
(පසිඳු ලක්ෂංක 22, මාධව වර්ණපුර 73, රොස්කෝ තටිල් 26, ලක්ෂිත රසාංජන 65, උපුල් ඉන්ද්‍රසිරි 29, නිසල තාරක 56/3, දිල්ෂාන් මදුශංක 30/2, අකිල ධනංජය 87/2)
කෝල්ට්ස් පළමු ඉනිම -  කඩුල්ලක් දැවී 4

 

එස්.එස්.සී 284, මූවර්ස් 119/2
මූවර්ස් සහ එස්.එස්.සී කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී පළමු ඉනිම -  සියලුදෙනා දැවී 284
(සඳුන් වීරක්කොඩි 53, නුවනිදු ප්‍රනාන්දු 43, චරිත් අසලංක 60, සම්මු අශාන් 24, ආකාශ් සේනාරත්න 37, තරිඳු රත්නායක 24, ප්‍රවීන් ජයවික්‍රම 47/3, අයන සිරිවර්ධන 51/3, කවිෂ්ක අංජුල 56/2, සචිත්‍ර සේරසිංහ 57/2)
මූවර්ස් පළමු ඉනිම -  කඩුලු 2 ක් දැවී 119
(දිනුක දිල්ෂාන් 36, පබසර වඩුගේ නොදැවී 64)

 

යුදහමුදාව 233, සී.සී.සී 60/3
යුදහමුදාව සහ සී.සී.සී කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
යුදහමුදා පළමු ඉනිම -  සියලුදෙනා දැවී 233
(අෂාන් රන්දික 27, ලක්ෂාන් එදිරිසිංහ 69, දුෂාන් විමුක්ති 33, අසේල ගුණරත්න 37, ගිහාන් කෝරලගේ 29, මාලින්ද පුෂ්පකුමාර 85/6, අෂාන් ප්‍රියංජන් 43/3)
සී.සී.සී පළමු ඉනිම -  කඩුලු 3 ක් දැවී 60
(සොනාල් දිනූෂ 23, දුෂාන් විමුක්ති 17/3)

 


අදහස් (0)

මීගමුව පිල සුපිරි 8 වටයට යෑමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.