Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 50 ක් නිමාවට පත්වන විට ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට මීගමුව ක්‍රීඩා සමාජයද ‘බී’ කාණ්ඩායමේ පෙරමුණ ගැනීමට සිංහල ක්‍රීඩා සමාජයද (එස්.එස්.සී.) සමත් විය.
මේ දක්වා තරග 5 කට ක්‍රීඩා කර ඇති මීගමුව ක්‍රීඩා සමාජය ඉන් තරග 3 ක් ජයගෙන ලබා සිටින ලකුණු සංඛ්‍යාව 7 කි. ඔවුන් ක්‍රීඩා කළ සෙසු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවූ අතර මේ වන විට ඔවුන් රඳවාගෙන සිටින ශූද්ධ ලකුණු වේගය 2.034 කි.
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇත්තේ මෙතෙක් සහභාගි වූ තරග 5 න් 4 ක් ජය ලබා ලකුණු 9 කට හිමිකම් කියමිනි. එස්.එස්.සී. කණ්ඩායම සහභාගි වූ තරගයක්ද වර්ෂාවට සේදී ගිය අතර මේ වන විට ඔවුන් 1.151 ක ශුද්ධ ලකුණු වේගයක් රඳවාගෙන සිටියි.
සී.සී.සී. ක්‍රීඩා සමාජය ජයග්‍රහණ 2 ක් සමග ලකුණු 6 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේද, නුගේගොඩ ක්‍රීඩා සමාජය ජයග්‍රහණ 3 ක් සමග ලකුණු 8 ක් ලබා ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේද රැදී සිටියි.
සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයද ලකුණු 6 ක් ලබා සිටින නමුත් ශුද්ධ ලකුණු වේගය අනුව ඔවුන්ට හිමිව ඇත්තේ ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.