Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 39 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ දිල්ලි ඩෙයාර්ඩෙවිලිස් පිල අතර මුම්බායිහි වන්කඬේ කී‍්‍රඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 5 ක ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිල පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලූ 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
නායක රොහිත් ශර්මා පන්දු 37 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 46 ක් රැස්කරමින් මුම්බායි පිලේ ජයග‍්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය.
පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 53 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ අම්බටි රයිඩු (නොදැවී 49) සහ කිරන් පොලාඞ් (නොදැවී 26) මුම්බායි පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.
පන්දු 40 කදී වාර්තා වූ රයිඩුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 14 කදී වාර්තා වූ පොලාඞ්ගේ ඉනිමට හයේ පහර 3 ක් ඇතුළත් විය.
ඕවර 4 ක් යැවූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 33 කට කඩුල්ලක් දවාගැනීමට සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර්ඩෙවිලිස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 152 ක් ලබාගත්තේය.
දිල්ලි පිලේ වැඩිම ලකුණු ලාභියා වූ යුවරාජ් සිං පන්දු 44 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 57 රැස්කළ අතර පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් වේගවත් ලකුණු 28 ක් රැස්කිරීමට නායක ජේ. පී. ඩුමිනි සමත් විය.
ලසිත් මාලිංග යැවූ දිල්ලි ඉනිමේ පළමු ඕවරයේ පළමු පන්දුවේදීම කඩුලූ රකින් කී‍්‍රඩක පාර්තිව් පටේල් අතට උඩ පන්දුවක් දෙමින් මායන්ක් අගර්වාල් ලකුණු නොළබා දැවී ගියේය. ඉන් නොනැවතුන මාලිංග, දිල්ලි පිලේ එකම අර්ධ ශතක ලාභියා වූ යුවරාජ් සිංවද ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට සමත් විය.
දිල්ලි ඩෙයාර්ඩෙවිලිස් පිල - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 152
(ශ්‍රෙයාස් අයියර් 19, ජේ. පී. ඩුමිනි 28, කේදර් ජාදව් 16, යුවරාජ් සිං 57, සෞව්රබ් තිවාරි නොදැවී 13, හර්බජාන් සිං 11/2, ලසිත් මාලිංග 33/2)
මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 19.3 කදී කඩුලූ 5 ක් දැවී 153
(පාර්තිව් පටේල් 13, රොහිත් ශර්මා 46, අම්බටි රයිඩු නොදැවී 49, කිරන් පොලාඞ් නොදැවී 26, නේදන් කූල්ටර්නයිල් 30/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.